නවකවදය මෙන් ම විශ්වවිද්‍යාලවල සිදුවන සියලු හිංසනයන් පිළිබඳ සොයා බැලීමට උපදෙස්

විශ්වවිද්‍යාල පද්ධතියේ සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන තුළ පවතින නවකවදය, හිංසනය හා සියලුම ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් වැළැක්වීමට අවශ්‍ය නිර්දේශ සහ කටයුතු සම්පාදනය කරන ලෙස අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය උපදෙස් දී තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, උසස් අධ්‍යාපන ආයතනවල නවකවදය, හිංසනය හා සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් තුරන් කිරීම සඳහා වන ජාතික කාර්ය සාධක බලකායේ සාමාජිකයින් සහ අගමැතිනිය අතර ඊයේ (02) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවේදීයි.

විශ්වවිද්‍යාල පද්ධතියේ මෙන්ම උසස් අධ්‍යාපන ආයතන තුළ ශිෂ්‍යයන්ගෙන්, අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලවලින් සිදු වන සියලු ආකාරයේ හිංසනයන් සොයා බැලීමට සහ ඒ සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීමට වසර 3ක් සඳහා පත් කර ඇති මෙම කාර්ය සාධක බලකායට අවශ්‍ය බලය සහ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බවත් අගමැතිනිය මෙහිදී සඳහන් කළා.

මෙවැනි හිංසනකාරී සිදුවීම් සඳහා පුද්ගලික වශයෙන් මෙන්ම සාමාජීය වශයෙන් බලපාන හේතු පවතින බව මෙහිදී කාර්ය සාධක බලකායේ නියෝජිතයින් පෙන්වා දුන් අතර අධ්‍යාපන පරිපාලනය, අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල මෙන්ම සිසුන් අතර නිසි සබඳතාවක් ගොඩ නැගී නොතිබීම, නවක වදය පිළිබඳ ව සිසුන් තුළ පවතින වැරදි ආකල්ප, අවනත කරගැනීම සහ ගෞරවය ලබා ගැනීම සඳහා හිංසනය භාවිත කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී නියෝජිතයින් විසින් පැහැලිදි කරනු ලැබුවා.

විශ්වවිද්‍යාල පද්ධතියේ සිසුනට ලකුණු ලබා දීමේ දී සහ පන්ති සාමර්ථ ලබා දීමේදී පරිපාලනය සහ ආචාර්යවරුන් සිසුන් සඳහා සිදු කරන බලපෑම් නිසා සිසුන් ආතතියට පත්වීම වැනි කරුණු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වුණා.

සියලු ආකාරයේ හිංසනයන් නතර කිරීම වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග කෙටිකාලීනව හා දිගුකාලිනව ගත යුතු බවත්, ඒ වෙනුවෙන් අවශ්‍ය ක්‍රමවේද සහ යාන්ත්‍රණ සකස් කරන ලෙසත්, නීතිමය ක්‍රියාමාර්ගවලින් පමණක් මෙය අවසන් කළ නොහැකි බැවින් පවතින නීති යාවත්කාලීන කරන අතර ආකල්ප සංවර්ධන වැඩසටහන් වැනි දේ සංවිධානය කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී පැවසුවා.

විවිධ ආකාරයේ හිංසනයන්ට ලක්වන සිසුන් කෙරෙහි අවධානය යොමුකිරීම මෙන් ම, ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු වන පරිදි කටයුතු කළ යුතු බවත් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා මෙහිදී කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58