නායකත්ව ඉනිමක වටිනාකම මැනවින් පෙන්නුම් කරමින් අසලංකගෙන් අර්ධ ශතකයක්

ජාත්‍යන්තර එක්දින පිටියේ සිය 16 වැනි අර්ධ ශතකය සම්පූර්ණ කිරීමට නායක චරිත් අසලංක අද (02) පස්වරුවේ සමත් වුණා.

ඒ තරග තුනකින් සමන්විත බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගයට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී එක්වෙමින්.

අසලංක පන්දු 61ක දී මෙම අර්ධ ශතකය වාර්තා කළා.

ඊට හයේ පහර 03ක් සහ හතරේ පහර 03ක් ද ඇතුළත්.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ව පන්දුවට පහරදීම තෝරාගත්ත ද, ඔවුන්ට ආරම්භයේ සිට සාර්ථක වීමට බංග්ලාදේශ පන්දු යවන්නන් ඉඩ දුන්නේ නැහැ.

ආරම්භක කඩුල්ලට ටන්සිම් හසන්ගේ පන්දුවකට බිලි වූ පැතුම් නිස්සංක කිසිදු ලකුණක් නොලබා ම දැවී යද්දී, නිශාන් මධුෂ්ක ද ලකුණු 06කට දැවී ගියා.

කමිඳු මෙන්ඩිස් ද පන්දු 04ක් මුහුණ දී යළි ක්‍රීඩාගාරයේ අසුන් ගත් ප්‍රේක්ෂකයෙකු පමණක් වූයේ ටස්කින් අහමඩ්ගේ පන්දුවක් හමුවේයි.

කුසල් මෙන්ඩිස් ලකුණු 45ක් ලබා ගත්තා.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 04ක් බිඳ වැටී ලකුණු 126ක් ලබා සිටිනවා.

පිටියේ රැඳී සිටින්නේ ජනිත් ලියනගේ සමගින් නායක අසලංකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14