දිවයින පුරා නාගරික ප්‍රදේශවල සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමට අනුමැතිය

එදිනෙදා නාගරික ප්‍රදේශ කරා ඇදී එන මහජනතාව සහ දේශීය හා විදේශීය සංචාරකයින් සඳහා නිසි ප්‍රමිතියෙන් යුත් භාවිතයට ගත හැකි සනීපාරක්ෂක පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන්, ප්‍රමිතියෙන් යුත් වැසිකිළි පද්ධතිවලින් සමන්විත සනීපාරක්ෂක පහසුකම් ඉදි කිරීමට රජය විසින් තීරණය කර තිබෙනවා.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී (ජුලි 02) නාගරික සංවර්ධන අධිකාරිය විසින් යෝජිත පහසුකම් ස්ථාපනය කළ යුතු උචිත ස්ථාන නාගරික සංවර්ධන සැලසුම්වලට අනුව හඳුනාගනු ලැබ තිබෙනවා.

එම ව්‍යාපෘතිය යටතේ සනීපාරක්ෂක පහසුකම් පද්ධති 20ක් ඉදි කිරීමට යෝජිත අතර, ඒ සඳහා රුපියල් මිලියන 525.29ක් වැය වෙනු ඇතැයි ඇස්තමේන්තුගත කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, පහත සඳහන් ස්ථානවල යෝජිත සනීපාරක්ෂක පහසුකම් පද්ධති ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

එම යෝජිත සනීපාරක්ෂක පහසුකම් පද්ධති ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ස්ථාන පහත දැක්වෙයි.

  • දෙමෝදර දුම්රිය ස්ථානය
  • සීගිරිය හෝටල් මංසන්ධිය
  • නුවර වැවරවුම
  • ග්‍රෙගරි වැව, නුවරඑළිය
  • කින්නියා වෙරළ, ත්‍රිකුණාමලය
  • මාබල් බීච්, ත්‍රිකුණාමලය
  • නිලාවේලී වෙරළ ප්‍රදේශය, ත්‍රිකුණාමලය
  • පාසිකුඩා, මඩකලපුව
  • රුවන්වැලිසෑය රථගාල පරිශ්‍රය
  • ලංකාපුර, පොළොන්නරුව
  • යාපනයේ කුරීකට්ටුවාන් ජැටි පරිශ්‍රය
  • හික්කඩුව වෙරළ තීරය
  • හිරිකැටිය, දික්වැල්ල
  • පරෙයිවැල්ල වෙරළ උද්‍යානය, තංගල්ල
  • ආරුක්කු නවය පාලම, ඇල්ල
  • මොරගොල්ල වෙරළ, බේරුවල
  • ගල්කිස්ස දුම්රිය ස්ථානය
  • මීගමුව වෙරළ උද්‍යානය ව්‍යාපෘතිය, අදියර 1
  • බත්තරමුල්ල මංසන්ධිය
  • බඩගමුව වන උද්‍යානය, කුරුණෑගල
  1. කැලණිය ප්‍රදේශියසභාවට අයිති කිරිබත්ගොඩ නගරයේ මේ වෙන්තෙක් කිසිම පොදු වසිකිලි පහසුකම නති එකම නගරය.ණම් දාරපු මති අමති වරුන් හිටපු ආසනයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51