2026 වර්ෂයේ අයවැය සකස් කිරීම ගැන දින කාලවකවානු ගැන නිවේදනයක්

“නිෂ්පාදන ආර්ථිකයක් සහ සෑම දෙනාම ආර්ථික සංවර්ධනයට දායක කර ගැනීම” යන තේමාව පදනම් කර ගනිමින් 2026-2030 රාජ්‍ය මූල්‍ය රාමුව හා රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය සහ ජාතික ප්‍රතිපත්ති රාමුව වන ” පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන ප්‍රතිපත්ති රාමුවට අනුගතව 2026 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීමට අපේක්ෂිතය.

2026 අයවැය ඇස්තමේන්තු සකස් කිරීමේ දී ජාතික ප්‍රතිපත්ති රාමුවෙහි ඇතුළත් ප්‍රමුඛතාවන් සහ ග්‍රාමීය සංවර්ධන මූලාරම්භයන් කෙරෙහි මූලිකත්වයක් ලබා දීමට අපේක්ෂා කෙරෙනවා.

2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ විධිවිධානයන්ට සහ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව අමාත්‍යාංශ විෂය පථයන් යටතේ ඒ ඒ අමාත්‍යාංශ විසින් හඳුනාගනු ලබන ව්‍යාපෘති සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය ප්‍රතිපාදන සලසා දීම සඳහා සියලුම අමාත්‍යාංශ වෙතින් යෝජනා ලබා ගැනීමට නියමිතය.

ඒ අනුව, 2026 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත 2025 ඔක්තෝබර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර දෙවන වර කියවීම (අයවැය කථාව) 2025 නොවැම්බර් මාසයේදී සිදු කිරීමටත්, තෙවන වර කියවීමේ අයවැය විවාදය 2025 නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී පැවැත්වීමටත් හැකි වන අයුරින් 2026 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30