ඩේසි ආච්චිට හා යෝෂිතට එරෙහිව අධි චෝදනා භාරදෙයි (වීඩියෝ)

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ තවත් නඩුවක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරොස්ට් යන අයට අද (02) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දී තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ, කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඉදිරියේ මෙම අධි චෝදනා භාරදීම සිදු වූ බවයි.

ඉන් අනතුරුව විත්තිකරුවන් දෙදෙනාව රුපියල් මිලියන 02ක බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට ද අධිකරණය නියෝග කළා.

නීතිපතිවරයා විසින් එම විත්තිකරුවන් තිදෙනාට එරෙහිව රුපියල් මිලියන 59කට අධික මුදලක් අයථා ලෙස උපයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් මෙලෙස නඩු පැවරීමක් සිදු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?