කරච්චි නගරයට ජල ගැලීම් අවදානමක්

කරච්චි හි මෝසම් වැසි අඛණ්ඩව තුන්වන දිනටත් අඛණ්ඩව පැවතීමත් සමඟ, පහත් බිම් ප්‍රදේශවල ජලය එක්රැස් වී පදිංචිකරුවන්ගේ සාමාන්‍ය ජීවිතයට බාධා ඇති වී ඇති බව ජියෝ නිවුස් වාර්තා කළා.

ජියෝ නිවුස්වලට අනුව, ඇද හැලෙන වර්ෂාවෙන් පසු, කරච්චි හි අසල්වැසි ප්‍රදේශ කිහිපයක ජලය එක්රැස් වී ඇති අතර, ප්‍රමාණවත් මෝසම් සූදානමක් පිළිබඳ සින්ද් රජයේ පෙර ප්‍රකාශයන් පිළිබඳව ප්‍රශ්න මතු වනවා.

පකිස්තානයේ කාලගුණ දෙපාර්තමේන්තුව ඉදිරි දිනවල කරච්චි නගරයට කඩින් කඩ වැසි ඇති වන බවට පුරෝකථනය කර ඇති අතර, සමහර ප්‍රදේශවල මධ්‍යස්ථ සිට හුදකලා තද වැසි ඇතිවීමේ හැකියාව ඇති විය හැකියි.

ප්‍රදේශ රැසකින් අධික වර්ෂාපතනයක් වාර්තා වූ බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර, පකිස්තානයේ ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය (NDMA) අනතුරු ඇඟවූයේ වරාය නගරයේ ඇති වන අධික වර්ෂාපතනය දෛනික කටයුතුවලට බාධා ඇති කළ හැකි බවත්, නාගරික ගංවතුර සහ පහත් බිම් ප්‍රදේශ ජලයෙන් යටවීමට හේතු විය හැකි බවයි.

UNDP වාර්තාවකට අනුව, කාලගුණය ආශ්‍රිත ව්‍යසන නිතර නිතර, දැඩි ලෙස සහ අනපේක්ෂිත ලෙස සිදු වී ඇති අතර එමඟින් ජීවිත, වැදගත් යටිතල පහසුකම්, නිවාස සහ ව්‍යාපාර විනාශ වී තිබෙනවා.

කාලගුණික තත්ත්වයන්හි මෙම නිරන්තර හා අනපේක්ෂිත වෙනස්කම් විශේෂයෙන් ආන්තික සහ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ට දැඩි ලෙස බලපාන බව UNDP සිය වාර්තාවේ සඳහන්.

දේශගුණික හා කාලගුණික රටා වල විචල්‍යතාව පකිස්ථානයේ ආපදා වාර ගණන වැඩි කර ඇති බව UNDP වාර්තා කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51