සරණ ගුණවර්ධනගේ නඩුවක සාක්ෂි දීමට සාක්ෂිකරුවන් තිදෙනකු නම් කෙරේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකවරයකු සහ හිටපු මන්ත්‍රීවරයකු වන සරණ ගුණවර්ධනට එරෙහිව පවරා ඇති අල්ලස් නඩුව කොළඹ මහාධිකරණය ඉදිරියේ අද (30) විභාගයට ගත් අවස්ථාවේ චූදිත විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කර තිබෙනවා.

අනතුරුව විත්තිය වෙනුවෙන් සාක්ෂිදීමට සාක්ෂිකරුවන් තිදෙනකු නම් කළ අතර මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා ලබන අගෝස්තු 26 වැනිදා අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස ඔවුන්ට සිතාසි නියම කළා.

2007 හා 2008 යන වසරවලදී සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා හැටියට කටයුතු කරමින් සෙනරත් හෙට්ටිආරච්චි නමැත්තියගන් බදු පදනම යටතේ වාහනයක් ලබා ගෙන ආයතනයට රුපියල් 9,60,000ක් පාඩු කිරීමේ චෝදනාව යටතේ මෙම අල්ලස් නඩුව ගොනුකර තිබෙනවා.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ වාහන අවභාවිත කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් සරණ ගුණවර්ධන මහතාට එරෙහිව පැවරූ තවත් නඩු 2ක් මහාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ඉදිරියේ විභාග වනවා.

ජ්‍යෙෂ්ඨ නීතිඥ රන්ජන් ද සිල්වා සහ නීතිඥ ගයාන් රාජසේකර යන මහත්වරු විත්තිය වෙනුවෙන් පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?