ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යන අංශයේ හිටපු අංශ ප්‍රධානී මහාචාර්ය මාලනී ඇඳගම අභාවප්‍රාප්ත වී තිබෙනවා.
1980 දශකයේ ආරම්භයේ සරසවි දිවියට පිවිසි මහාචාර්ය මාලනී ඇඳගම දශක හතරකට වැඩි කාලයක් ආචාර්ය, මහාචාර්ය තනතුරුවල නිරත වුණා.
පසුව විශ්ව විද්‍යාලයේ සනාතන සභාව විසින් ප්‍රදානය කරන ලද සේවා සම්මානිත මහාචාර්ය පදවියෙන් පිදුම් ලැබූ ඇය, මෙරට ඉතිහාසය අඛණ්ඩව ලියනු ලබන මහාවංශ සම්පාදක මණ්ඩලයේ ලේකම් තනතුරේ කටයුතු කළා.
ඉතිහාස විශය ජාතික මට්ටමින් ඉගැන්වීමට ඇපකැපවූ මහාචාර්ය මාලනී ඇඳගම, ශ්‍රී ලංකාවේ ගම්සභා ක්‍රමයේ ඉතිහාසය , ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය ආදී ග්‍රන්ථ රැසක් සම්පාදනය කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
15
+1
2
+1




