උද්ධමනයේ සුළු ඉහළ යාමක්

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මගින් මනිනු ලබන සමස්ත උද්ධමන අනුපාතය ජුනි මාසයේ දී -0.6% ක් ලෙස සටහන් වී තිබෙනවා.

එය පසුගිය මැයි මාසයේ දී -0.7%ක් ලෙස ලෙස සටහන් වුණා.

ඒ, අනුව 2025 ජුනි මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය මගින් මනිනු ලබන සමස්ත උද්ධමනය ඉහළ ගොස් ඇති බවයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ අතර ආහාර උද්ධමනය පසුගිය මැයි මාසයේ පැවති 5.2% සිට 4.3% දක්වා ජුනි මාසයේදී අඩු වී තිබෙනවා.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ආහාර නොවන උද්ධමනය ජුනි මාසයේ දී -2.8% දක්වා ඉහළ ගිය අතර එය පෙර මාසයේ -3.3% ක් ලෙස සටහන් වූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?