විදෙස් තරුණියක් ඇතුළු තිදෙනෙකුට ඇල්ලේ දී පිරිසක් පහරදීලා – තුවාල ලැබූ තිදෙනා රෝහලේ

ඇල්ල නගරයේ දී නාඳුනන පුද්ගලයින් පිරිසක් සිදුකළ පහරදීමකින් විදෙස් ජාතික තරුණියක් ඇතුළු තිදෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ 32 හැවිරිදි ස්වීඩන් ජාතික තරුණියක් සහ ඇයගේ පෙම්වතා බව කියන 26 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙක් සහ ඔවුන්ගේ මිතුරෙක් බව කියන 29 හැවිරිදි තවත් ශ්‍රී ලාංකික තරුණයෙක්.

අද (29) අලුයම් කාලයේ සිදුකළ මෙම පහරදීමෙන් තුවාල ලැබූ තිදෙනා ඇතුළත් කර ඇත්තේ දියතලාව මූලික රෝහලටයි.

මොවුන් තිදෙනා අද (29) අලුයම 3.00ට පමණ ඇල්ල දුම්රියපොළ පාරේ පිහිටි හෝටලයක රැඳී සිට විනෝද වෙන අතර වාරයේ එම ස්ථානයකට පැමිණි පුද්ගලයෙක් මෙම විදෙස් ජාතික තරුණියගේ පසුපස ප්‍රදේශය අල්ලා තිබෙනවා.

එම අවස්ථාවේ දී බහින්බස්වීමක් සිදුව ඇති අතර, එය පහරදීමක් දක්වා දුරදිග ගොස් ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් මොවුන් තිදෙනාට පහරදීමට පැමිණි පිරිස හෝටල් කාර්ය මණ්ඩලය විසින් එම ස්ථානයෙන් ඉවත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

අනතුරුව අද අලුයම 4.00ට පමණ ස්වීඩන් ජාතික තරුණිය ඇගේ පෙම්වතා සහ මිතුරා සිද්ධිය ඇති වූ හෝටලයේ සිට වෙනත් හෝටලයකට යමින් සිටිය දී කලින් පහර දුන් බව කියන පිරිස මඟ රැක සිට යළි පහර දී පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පහරදුන් පිරිස හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා ඇල්ල පොලිසිය විමර්ශන ආරම්හ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
18
+1
3
+1
5
+1
10
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?