මත් ජාවාරමෙන් ඉපැයූ දෙදෙනෙකුගේ දේපළ තහනම් කරයි

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් මිල දී ගත් බවට සැකකරන දේපළ මුදල් විශුද්ධිකරණ පනත අනුව නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ටාසය මඟින් ක්‍රියා විරහිත කිරීම සිදුකර තිබෙනවා.

මෙලෙස ක්‍රියා විරහිත කර ඇත්තේ පෙරේදා (26) දිනයේ අත්අඩංගුවට ගනු ලැබූ කොළඹ 08, බොරැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි සැකකරුවෙකුට හා සැකකාරියකට අයත් දේපළ බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 45ක තැනැත්තෙක් වන අතර සැකකාරිය වයස අවුරුදු 43ක තැනැත්තියක්.

මෙලෙස ක්‍රියා විරහිත කර ඇත්තේ සැකකරුට හා සැකකාරියට අයත් බව කියන කඳාන ප්‍රදේශයේ පිහිටි සිව් මහල් නිවසක්, බොරැල්ල ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවාස දෙකක්, බොරැල්ල ප්‍රදේශයේ පිහිටි තෙමහල් නිවසක්, ජපන් ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයක් සහ වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් බවයි වාර්තා වන්නේ.

සැකකරු සහ සැකකාරිය ඊයේ (27) මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන ජූලි මස 11 වනදා දකවා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
13
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !