Empty Ad
Empty Ad
AFC Banner

සංචරණ සීමා පැනවෙන කාලය තුළ ජනතාවට බලපෑමක් නොවන්නට ජනපති ගත් තීරණ

සංචරණ සීමා පැනවෙන කාලය තුළ කර්මාන්ත ශාලා අඛණ්ඩව පවත්වාගෙන යාම, ඔසුසල් විවෘතව තැබීම, බේකරි නිෂ්පාදන අඛණ්ඩව සිදුකිරීම සහ බෙදාහැරීමට ක්‍රමවේදයන් සැකසීම, නැව් භාණ්ඩ බෙදාහැරීමේ ආයතන (Shipping Line) විවෘතව තැබීමට පියවර ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම ප්‍රාදේශීයව ජංගම සේවා යොදා ගනිමින් කිසිදු හිඟයකින් තොරව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජනතාවට බෙදාහැරීමට ද පියවර ගත යුතු බවයි දන්වා තිබෙන්නේ.

එමෙන්ම මෙරටට අනවසරයෙන් ගෙන්වා රාජසන්තක කර ඇති අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සතොසට ලබාදීමටත් දිවයින පුරා ඇති සතොස ගබඩාවල සිදු කෙරෙන භාණ්ඩ මලු ඇසිරීමට රැකියා ලක්ෂය සඳහා බඳවාගත් පිරිස යොදා ගැනීමට ද තීරණය කර තිබෙනවා.

ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබෙන දිනට පෙර දින භාණ්ඩ ප්‍රවාහනය සඳහා අවසර දීම, කෘෂිකාර්මික කටයුතු, සියලු නගරවල කුණු කසල ඉවත් කිරීම ඇතුළු දෛනික පවිත්‍රතා කටයුතු, මාර්ග සංවර්ධන සහ සෙසු ඉදිකිරීම් කරගෙන යාමට මෙම සංචරණ සීමා බාධාවක් කර නොගත යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කැබිනට් තීරණ දැනුම් දීමේ විශේෂ මාධ්‍ය හමුව - 2025-01-21
01:00:57
Video thumbnail
ඔයාට රිදෙනවා නම් මට කරන්න දෙයක් නෑ - අගමැතිනි සැර වෙයි
11:19
Video thumbnail
චීනේ ගිහින් ගහපු ගිවිසුම් ගැන අපි දැනගන්න කැමතී
09:02
Video thumbnail
දයාසිරි - සමන්ත පාර්ලිමේන්තුවේ ඇවිලෙයි
11:54
Video thumbnail
චාමර සම්පත්ට වැඩ වරදියි - දරුවන්ට දීපු සල්ලි ටික සාක්කුවේ දාගෙන
09:17
Video thumbnail
තාජුඩීන්ව මැ#රුවේ කවුද කියලා දන්නවා - ඔයා බබා වෙන්න හදන්න එපා
13:29
Video thumbnail
තමන්ගේ ආරක්ෂාව අඩුකළත් - ගේ ගත්තත් - අඬන ජාතියේ බඩුවක් නෙවෙයි මහින්ද රාජපක්ෂ කියන්නේ
05:17
Video thumbnail
බය කරලනම් වැඩේ කරගන්න හදන්නේ ඒක සාර්ථක වෙන්නේ නෑ - නාමල්ට තදවෙයි
11:33
Video thumbnail
චාමර සම්පත් යකා නටයි - තුම්මුල්ලේ විමල් වගේ හැසිරෙන්න එපා
11:53
Video thumbnail
🛑පාර්ලිමේන්තුව සජීවීව | 2025.01.21 | LIVE
32:06

?