ජූලි 01 සිට බස් රථ රියදුරන්ට ආසන පටි පැළඳීම අනිවාර්යයි

එළඹෙන ජූලි මස පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි බස් රථ රියදුරන් ආරක්ෂිත ආසන පටි පැළඳීම අනිවාර්ය බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව දැනුම් දෙනවා.

එලෙස ආරක්ෂිත ආසන පටි පැළදීම සිදුනොකරන රියදුරන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි එහි සභාපති ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල සඳහන් කළේ.

මෝටර් රථ පනත අනුව 2011 ඔක්තෝබර් මස 01 දින සිට වාහන රියදුරන් ආරක්ෂිත බඳ පටි පැළඳීමේ නීතිය ක්‍රියාත්මක වනවා.

ගැසට් නිවේදනයක් මගින් එම නීතිය ප්‍රකාශයට පත්කර තිබුණ ද බොහෝ රියදුරන් ආරක්ෂිත ආසන පටි පැළඳීම සිදුකරන ආකාරය පෙනෙන්නට නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !