බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවති දෙවන ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 78ඤ ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද (28) සමත් වුණා.

මෙම ජයත් සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ශූරතාව තරග එකට බිංදුවක් ලෙස ශ්‍රී ලංකාව ජය හිමිකර ගත්තා.

දෙරට අතර කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවති දෙවන ටෙස්ට් තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශය සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 247ක් සියල්ලන් දැවී රැස් කළා.

ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට සියල්ලන් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 458ක්.

අනතුරුව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 211ක් පිටුපසින් ඉඳිමින් දෙවන ඉනිම ක්‍රියාත්මක කළ බංග්ලාදේශ දෙවන ඉනිම ලකුණු 133 කට සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

මෙහිදී බංග්ලාදේශ දෙවන ඉනිමේ කඩුලු 05ක් බිඳ දැමූ ප්‍රභාත් ජයසූරිය ශ්‍රී ලංකා ජය මාවත විවර කළා.

ඒ, අනුව මෙම තරගය ඉනිමකින් සහ ලකුණු 78 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මෙලෙස හැකියාව ලැබුණා.

මේ අතර දෙරට අතර ගාල්ලේ දී පැවති පළමු ටෙස්ට් තරගය අවසන් වුණේ ජය පරාජයෙන් තොරවයි.

පිත්තෙන් දස්කම් දැක්වූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක දෙවන තරගයේ වීරයා ලෙස සහ තරගාවලියේ වීරයා ලෙස සම්මාන හිමිකර ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
16
+1
2
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැදිකරු නොමැතිව කැලේ ගිය යතුරුපැදිය
00:51
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත හැටි
00:33
Video thumbnail
මැලේසියාවේ ඉදලා ඇවිත් ගුවන් මගියෙක් දුන්න ගේම - කෝටි 09කට අධික කොකේන් තොගයක් කොටු
01:32
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත හැටි - අනුරාධපුරයේ චීස් හොරු
01:03
Video thumbnail
දිවි අහිමිවූ හිටපු පොලිස්පතිගේ නිවසේ නවතම දර්ශන මෙන්න
01:46
Video thumbnail
පැදිකරු නොමැතිව කැලේ ගිය යතුරුපැදිය - තරුණ ජීවිත දෙකක් 99න් බේරූ බිහිසුණු අනතුර
01:35
Video thumbnail
මුල් ආකෘතිය වෙනස් කළ යතුරුපැදි 16ක් පුද්ගලයන් සමඟ අත්අඩංගුවට
03:00
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන වසන්ත කට අරියි - සිදුවීම කරපු අයයි හොයන්න ඕනි
06:38
Video thumbnail
සී.ඩී වික්‍රමරත්නගේ ම#ණය ගැන අහද්දි පිළිතුරු නොදී යන මාලිමාවේ ඇමතිලා - නිගමනවලට එන්න බෑ
01:47
Video thumbnail
මුහුදේ ජීවිතයත් ම#ණයත් අතර සටනක සිටි ධීවරයෙකු Navy එකෙන් බේරාගත් අයුරු..සංවේදී දර්ශන සහිතයි
01:15