විදුලිසැර වැදී අවුරුදු අටේ දරුවා ජීවිතක්ෂයට (වීඩියෝ)

මැදවච්චිය පොලිස් වසමේ සංගිලිකනදරාව ප්‍රදේශයේ දී නිවසක සිටි දරුවෙකුට විදුලිසැර වැදී මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

ඊයේ (27) පස්වරුවේ මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 08ක දරුවෙක්.

දරුවා විසින් විදුලි හීටරයක් උපයෝගී කරගෙන වතුර රත්කිරීමට යාමේදී මෙලෙස විදුලිසැර වැදී ඇති බවයි විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ.

විදුලි සර වැදී බරපතළ තත්ත්වයේ සිටි දරුවා මැදවච්චිය රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෘතශරීරය මැදවච්චිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මැදවච්චිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
7
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !