අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමේ සංශෝධිත චක්‍රලේඛය ඉදිරි සතියේ නිකුත් කරන බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න පවසනවා.
පැවැති චක්‍රලේඛයේ තිබූ අඩුපාඩු රැසක් මගහරවමින් නව චක්‍රලේඛය නිකුත් කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
ඒ, අනුව සුදුසුම දරුවන් පාසල්වලට ඇතුළු කරගැනීමට හැකිවන පරිදි එම චක්‍රලේඛය මඟින් ප්‍රතිපාදන සැලසෙන බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, නීතීවිරෝධී සහ ආයථා ක්‍රම මඟින් සිසුන් පාසල්වලට ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයට මෙම චක්‍රලේඛය තුළින් තිත තබන බවයි පැවසුවේ.
මේ අතර පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ සංශෝධිත චක්‍රලේඛය ද ලබන සතියේ නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න වැඩිදුරටත් සඳහන් කළා.



