පැහැරගත් බව කී මාලිමාවේ මන්ත්‍රීවරයා සහ මන්ත්‍රීවරිය උණවටුන වෙරළ තීරයෙන් හමුවෙයි (වීඩියෝ)

පැහැරගැනීමකට ලක්වූ බව කී වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයා සහ මන්ත්‍රීවරිය උණවටුන වෙරළ තීරයේ සිටිය දී අද (27) පස්වරුවේ සොයාගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඔවුන් දෙදෙනාට කිසිදු හානියක් සිදුව නොමැති බවයි.

මෙලෙස පැහැරගැනීමකට ලක්වූ බව කී මන්ත්‍රීවරයා වැලිගම පොලිස් ස්ථානය පැමිණ පැමිණිල්ලක් ද සිදුකර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීමේ ඡන්ද විමසීම සඳහා අද (27) පැවති ඡන්ද විමසීමට පැමිණෙමින් සිටින අතර තුර ඔවුන් දෙදෙනා මෙලෙස පැහැරගැනීමට ලක්වූ බවයි තොරතුරු වාර්තා වුණේ.

මන්ත්‍රිවරු දෙදෙනාගේ පැහැරගැනීමේ සිද්ධිය මත පදනම්ව අද (27) පැවති වැලිගම ප්‍රාදේශීය සභාවේ මංගල සභාවාරයේ නොසන්සුන්තාවක් ද ඇති වුණා.

ඒ, හේතුවෙන් එම ප්‍රාදේශීය සභාවේ මංගල රැස්වීමේ කටයුතු දින නියමයක් නොමැතිව කල් දැමීමට දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස් උමංගා එරන්දි කටයුතු කළා.

  1. නයාවුනත්ඉඳලා හිටලා හෝ පෙනේ පුප්පන්න ඕනෙ.. ඕනෑවට වඩා අහිංසක වෙනනිසා ආණ්ඩුවේ උදවියව ගණන් ගන්නේ නැහැ විතරක් නොවේ දැන් දැන් පැහැරගෙන යන්නත් තරම් තක්කඩි රැල නැවත කැස කවමින්.. මේවගේ දේවල් දකින්න නොවේ අපි රජය පත්කරගත්තේ system change ඕනෙ.. සැබෑ ලෙසම..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32