UPDATE: කුසල් මෙන්ඩිස් ආබාධයකට – පවන් ඇතුළට, ළහිරුට කුසල්ගේ තැන

බංග්ලාදේශයට එරෙහිව මේ වනවිට (27) කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගයෙන් කුසල් මෙන්ඩිස්ට ඉවත් වීමට සිදු වුණා.

ඒ 09 වැනි කඩුල්ල ලෙස දුවද්දී දැවී යාමකට හසු වූ කුසල් මෙන්ඩිස් කඩුල්ල ආරක්ෂා කරගැනීමට සිදු කළ පිම්මත් සමග ඔහු ආබාධයකට ලක්වීමත් සමගයි.

කුසල් මෙන්ඩිස් වෙනුවට කඩුලු රැකීමේ වගකීම ළහිරු උදාර වෙත පැවරී තිබෙනවා.

එමෙන්ම පවන් රත්නායක ව ද කණ්ඩායමට පන්දු රැකීම සඳහා කැඳවා ඇති අයුරුයි දක්නට ලැබෙන්නේ.

මේ වනවිට බංග්ලාදේශය සිය දෙවැනි ඉනිමට ලකුණු 211ක ඉලක්කයක් අබිබවා යාමට පිටියට පිවිස තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
8
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?