බංගලි පළමු ඉනිමට වඩා ලකුණු 211ක් ඉදිරියෙන් ශ්‍රී ලංකා ඉනිම නවතියි

සංචාරක බංග්ලාදේශයට එරෙහිව අවසන් ටෙස්ට් තරගයේ දී සිය පළමු ඉනිමට සියල්ලන් ම දැවී ලකුණු ක් ලබා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම මීට ටික වේලාවකට (27) සමත් වුණා.

කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන දෙරට අතර තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමෙන් ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 211ක් ඉදිරියෙන් සිටීමට සමත් ව සිටිනවා.

අද දිනය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 200 සීමාව පසුකර හිටියේ කඩුලු දෙකක් පමණක් දැවී සිටියදීයි.

නමුත් තරගයේ දෙවැනි භාගය අවසන් වන විට බංග්ලාදේශ පන්දු යවන්නන් හමුවේ කඩුලු 08 ම බිඳ දමා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා.

අද දිනයේ තෙවැනි කඩුල්ල ලෙස ප්‍රභාත් ජයසූරිය දැවී ගිය අතර ලකුණු 158ක් ලබා සිටි පැතුම් නිස්සංක සිව්වැනි කඩුල්ලට යළි ක්‍රීඩාගාරය වෙත හරවා යැවුණා.

ඉන් අනතුරුව පීඩනකාරී පන්දු යැවීමක නිරත වූ බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 33ක් ලබා සිටි කමිඳු මෙන්ඩිස් ව ද දවා ගැනීමට යෙදවූයේ දඟ පන්දු ක්‍රීඩක නයීම් හසන්වයි.

ශතක පෙනෙන මානයේ සිටි දිනේෂ් චන්දිමාල් ලකුණු 93කට සේම ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කිරීමට මහඟු සේවයක් කළ කුසල් මෙන්ඩිස් අනවශ්‍ය ලකුණකට උත්සාහ කිරීමට යාමේ දී දුවද්දී දැවී ගියා.

ඒ ලකුණු 84කටයි.

එහිදී මෙන්ඩිස් යම් කිසි ආබාධයකට ලක් වුණා.

ළහිරු උදාර ලකුණු 40ක් ලබා ගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී ටයිජුල් ඉස්ලාම් ලකුණු 131කට කඩුලු 05ක් බිඳ දැමුවා.

නයීම් හසන් කඩුලු 03ක් සහ නහිඩ් රනා එක් කඩුල්ලක් බිඳ හෙලුවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය ඉනිමකින් වැඩි වාසියක් තබා ජයගැනීමට නම් බංග්ලාදේශ කණ්ඩායම දෙවැනි ඉනිමේ දී ලකුණු 211කට අඩුවෙන් සියල්ලන්ම දවා ගැනීමේ භාරදූර්‍යය කාර්‍යය පන්දු යවන්නන්ගේ කර මත තැබෙනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39