නීති සිසුවියක් සමූහ දූෂණයකට ලක්වෙයි

ඉන්දියාවේ කොල්කටා ප්‍රාන්තයේ දී නීති ශිෂ්‍යාවක් සමූහ දූෂණයකට ලක් ව තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීති විද්‍යාලයේ වත්මන් සිසුන් දෙදෙනකු හා හිටපු නීති සිසුවෙකු පොලිස් අත් අඩංගුවට ගෙන ඇති බවයි ද හින්දුස්තාන් වෙබ් අඩවිය තහවුරු කළේ.

දකුණු කොල්කටාවේ නීති විද්‍යාල පරිශ්‍රයක් තුළ දී මෙම අවාසනාවන්ත සිදුවීම සිදු ව තිබෙනවා.

සැකකරුවන් ව ඊයේ (26) දිනයේ දී ම අත් අඩංගුවට ගත් බවයි ප්‍රාන්ත පොලිසිය පැවසුවේ.

වින්දිත පාර්ශ්වය විසින් සිදු කරන ලද පැමිණිල්ලක් මත සැකකරුවන් අත්අඩංගුවට ගැනුණා.

සැකකරුවන් ව අද (27) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
7
+1
0
+1
3
+1
18
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?