සැමියා ඝාතනය කළ බිරිඳ මවගේ පෙම්වතා සමග හාදකම් පවත්වලා – අට දෙනෙකු පොලිස් අත්අඩංගුවට

ඉන්දියාවේ තෙලන්ගනා ප්‍රාන්තයේ තරුණයෙකු ඝාතනය කර තිබෙනවා.

මෙම ඝාතනය සිදු කර ඇත්තේ එම තරුණයා සති කිහිපයකට පෙර විවාහ වූ සිය බිරිඳ විසින් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඝාතනය සිදු කළ තැනැත්තිය ඇයගේ මවගේ හාදකම් පැවැත්වූ පෙම්වතා සමග සබඳතාවක් ගොඩනගාගෙන ඇති බවත්, ඔවුන් දෙදෙනා කුමත්‍රණය කර මෙම ඝාතනය මෙහෙයවා ඇති බවත් hindustantime මාධ්‍ය වාර්තා කරනවා.

ගන්ටා තේජේෂ්වර් නමැති 32 හැවිරිදි තරුණයාගේ හිසට පහර දී, පසුව ගෙල කපා, පපුවට පිහියෙන් ද ඇන ඇති බවයි වාර්තා වන්නේ.

එම ඝාතනය සිදු කර ඇත්තේ ඔහුට අයත් යැයි සැලකෙන වාහනයක් තුළදීයි.

තෙලන්ගානා ප්‍රාන්තයේ ජෝගුලම්බා ගද්වාල් දිස්ත්‍රික්කයේ දී මෙම ඝාතනය සිදු ව ඇති බව ප්‍රාන්ත පොලිසිය ඊයේ (26) තහවුරු කළා.

ඝාතනයට චෝදනා එල්ල වී ඇත්තේ මරණකරුගේ 23 හැවිරිදි බිරිඳ වන අයිශ්වර්‍යා හා 35 හැවිරිදි අනියම් පෙම්වතා වන තිරුමල රාඕ හා තවත් පුද්ගලයින් සයදෙනෙකුටයි.

වින්දිතයා වූ 32 හැවිරිදි ගන්තා තේජේෂ්වර්, ගද්වාල් නගරයේ රාජවීධිනගර්හි පෞද්ගලික ඉඩම් මිනින්දෝරු සහ නර්තන ගුරුවරයෙක්.

ඔහු ජුනි 17 වන දින උදෑසන නිවසින් පිටව ගිය පසු අතුරුදන් වූ අතර, ඔහුගේ සහෝදරයා පසුදා පොලිස් පැමිණිල්ලක් ගොනු කළා.

විමර්ශනය අතරතුර, තේජේෂ්වර් තමාගේ බි‍රිඳ ඇතුළු කණ්ඩායමක් සමග මෝටර් රථයකින් පිටත්ව යන ආකාරය දැක්වෙන සීසීටීවී දර්ශන පොලිසිය සොයා ගැනුණා.

ඉන් දින හතරකට පසු, එනම් ජුනි 21 වන දින, ඔහුගේ මළ සිරුර ආන්ද්‍ර ප්‍රදේශ්හි කර්නූල් දිස්ත්‍රික්කයේ පන්යම් නගරය අසල දී සොයා ගැනීමටයි පොලිසිය සමත් වූයේ.

ඝාතනය සැලසුම් කළ ආකාරය ගැන ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

2024 දෙසැම්බර් මාසයේ දී තේජේෂ්වර් සමඟ විවාහ ගිවිසගෙන සිටිය ද, අයිශ්වර්යා හා ඇයගේ අනියම් පෙම්වතා වන තිරුමාලා සමඟ ප්‍රේම සබඳතාව දිගින් දිගටම පැවතුණු බවත් අනාවරණය වී තිබෙනවා.

කෙසේ වෙතත්, විවාහයෙන් පසු සම්බන්ධතාවය පවත්වා ගැනීම දුෂ්කර වීම හේතුවෙන් ඝාතකයින් දෙදෙනා තවත් අත් උදව්කරුවන්ගේ සහායෙන් මෙම ඝාතනය සැලසුම් කර ඇති බවයි ප්‍රාන්ත පොලිස් අධිකාරිවරයෙක් ප්‍රකාශ කර ඇත්තේ.

මේ වනවිට ඝාතනයට ආධාර අනුබල දුන් පිරිස ඇතුළුව ප්‍රධාන සැකකරුවන් දෙදෙනා සමග අට දෙනෙකු පොලිස් අත්අඩංගුවේ පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කළුතර ප්‍රා.කාර්යාලයේ ඇතිවූ හදිසි ගින්න
01:55
Video thumbnail
අභිරහසක් ඉතිරි කර පිළිස්සී එළොව ගිය වයෝවෘද්ධ කාන්තාව..
01:01
Video thumbnail
නාමල් ගිහින් හිටපු නගරාධිපති ජාලියෝට දුන්න සුපිරි Birthday Surprise එක..මචන් මටත් කේක් කෑල්ලක්
02:07
Video thumbnail
අවුරුදු උත්සවයට ගිය පිය පුතු ගමන රෝහලෙන් නතර වුණ හැටි..ත්‍රීවීල් එකක් දුම්රියක ගැටෙයි
01:05
Video thumbnail
රටේ ජාතික මූල්‍ය ආරක්ෂාව අනතුරේ..හිටිහැටියෙම මුදල් වාෂ්ප වෙන්න ඉඩ දෙන්න බෑ
08:06
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා පෙදෙසේ AC එකක්වත් වැඩ නෑ..මිනිස්සු හූරන් කන ආකාරයට මුදල් අය කරන්නේ
01:42
Video thumbnail
එළොව ගිය සහකාර අධ්‍යක්ෂකවරයා ගැන හර්ෂ සංවේදී වී කිව්ව දේ..සියලුම සාමාජිකයින්ට කම්පනයක් වුණා
00:57
Video thumbnail
"ඔව් දැවැන්ත හොරකමක් වෙලා තියෙනවා"අහිමිවුණ ඩොලර් මිලියන 2.5 ගැන හර්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
08:39
Video thumbnail
රටේ ඉතිහාසය අලුත් කරන මැයි දිනයක් බවට මේක පත්වෙනවා..21ම ඉතාම ඉහළින් සාර්ථක වෙනවා
06:20
Video thumbnail
මුළු කොලඹම කැළඹෙයි - බලය පෙන්නන්න හදන පරණ සෙල්ලම ආයෙත් එළියට
04:10