එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානි ශ්‍රී ලාංකික නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් Volker Turk මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිත පිරිසක් ජුනි 24 දින මහජන ආරක්‍ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජයපාල මහතා සහ නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික)ගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් සමඟ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සුරැකීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පිහිටි නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයාගේ කාර්යාලයේදී පැවැත්වුණා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිත පිරිසට ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc – Andre Franche මහතා, ගෝලීය මෙහෙයුම් අංශයේ ආසියා පැසිෆික් කලාපයේ ප්‍රධානී Rory Mungoven මහතා, නේවාසික සම්බන්ධීකාරක කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ මානව හිමිකම් උපදේශක Laila Nazarali මහත්මිය සහ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශක Jeremy Lawrence මහතා ද ඇතුළත් වුණා.

වැඩබලන පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, මහජන ආරක්‍ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩී.ඩබ්ලිව්.ආර්.බී. සෙනෙවිරත්න මහතා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජාත්‍යන්තර ආරක්‍ෂක සහයෝගීතා සහ මහජන රාජ්‍යතාන්ත්‍රික අංශයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් තුෂාර රොද්‍රිගෝ මහතා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ එක්සත් ජාතීන්ගේ සහ මානව හිමිකම් අංශයේ අධ්‍යක්‍ෂ ජනරාල් දයානි මෙන්ඩිස් මහත්මිය සහ ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය (විශ්‍රාමික) යන මහත්ම මහත්මීන් ශ්‍රී ලංකා නියෝජිත පිරිසට අයත් වුණා.

සාකච්ඡාව අතරතුර, මහ කොමසාරිස්වරයා විසින් මානව හිමිකම් වෙනුවෙන් වගවීම, මානව හිමිකම් කඩවීම්වලට ගොදුරු වූවන්ට ඵලදායී පිළියම් සහ ඒ වෙනුවෙන් පවත්වා ගත යුතු අඛණ්ඩ ප්‍රතිසන්ධාන උත්සාහයන් ඇතුළු මානව හිමිකම් ආරක්‍ෂා කිරීම සම්බන්ධ කරුණු රාශියක් ඉදිරිපත් කළා.

එමෙන්ම, ආර්ථික අර්බුදය හේතුවෙන් ඇතිවිය හැකි මානව හිමිකම් කඩවීම් සහ සියලු ශ්‍රී ලාංකිකයින් සඳහා ශක්තිමත් ආර්ථික ස්ථාවරත්වයක් ඇතිකිරීම සහ සමාජ සාධාරණත්වය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය උපාය මාර්ග පිළිබඳව ද, ඔහු කරුණු ඉදිරිපත් කළා.

මානව හිමිකම් ආරක්‍ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ අඛණ්ඩ කැපවීම Turk මහතාගේ පැසසුමට ලක් වුණා.

ප්‍රජාතන්ත්‍රවාදය සහ ජාතීන් අතර සංහිඳියාව ඉදිරියට ගෙනයාමේ අන්‍යෝන්‍ය වගකීම පිළිබඳවද ඔහු අවධාරණය කළ අතර, අඛණ්ඩ මානව හිමිකම් මුලපිරීම් සඳහා සහාය දැක්වීමේදී ශ්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය අතර අඛණ්ඩ සහයෝගීතාවයේ වැදගත්කමද, අවධාරණය කළා.

ඊට ප්‍රතිචාර වශයෙන්, ශ්‍රී ලංකා නියෝජිත පිරිස විසින් මානව හිමිකම් ආරක්‍ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා මෙරට කැපවීම යළි තහවුරු කෙරුණා.

ජාතික ප්‍රතිසන්ධාන ක්‍රියාවලියේ වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතුරුදන් වූවන් පිළිබඳ සෙවීමේ කාර්යාලය සහ ජාතික සමගිය හා සංහිඳියාව සඳහා වූ කාර්යාලය වැනි ප්‍රධාන ආයතනවල ඵලදායී ක්‍රියාකාරිත්වය සඳහා රජයේ සහයෝගය ද, අවධාරණය කළා.

මෙම සාකච්ඡාව ශ්‍රී ලංකාව සහ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාය ශක්තිමත් කිරීම සහ ඵලදායී සංවාදයන් වර්ධනය කිරීම සඳහා වැදගත් පියවරක් සටහන් කරනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51