අර්චුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරනවාද නැද්ද? – පෙත්සම සලකා බැලීමට දින දෙයි

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා අගෝස්තු මස 01 වැනි දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ පෙත්සම අද (26) මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අශෝක් බරන් කරුණු ඉදිරිපත් කළා.

ඉන් අනතුරුව වැඩිදුර කරුණු සලකා බැලීම අගෝස්තු මස 01වැනිදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළා.

සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ ඉකුත් මහ මැතිවරණය සඳහා තරග කළ වගඋත්තරකාර රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා වෛද්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් ඉන් ඉවත් නොවී තම නාම යෝජනා පත්‍රය ඉදිරිපත් කර ඇති බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙය නීතියට පටහැනි තත්ත්වයක් බව පෙන්වාදෙන පෙත්සම්කරු එබැවින් අර්චුනා මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් නොමැති බව ද කියා සිටිනවා.

එබැවින් ඔහුට මන්ත්‍රයක් දැරීමට සුදුසුකම් නොමැති බවට තීන්දු කොට හුගේ මන්ත්‍රී ධුරය බල රහිත බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22