UPDATE : හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රිමාන්ඩ්

අයුතු ලෙස වත්කම් රැස් කිරිමේ චෝදනාව යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ලබන මස 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය නියෝග කළා.

සැකකරු සතුව ඇති වත්කම්වල සැබෑ තොරතුරු මේ වන විට (26) අනාවරණය කර නොමැති බැවින් ඔහු සම්බන්ධයෙන් අල්ලස් පනතේ 23(අ) වගන්තිය සමග කියවිය යුතු දුෂණ විරෝධී පනතේ 09 වගන්තිය ප්‍රකාරව වැඩිදුරටත් විමර්ශන සිදු කරන බව පෙන්වා දෙමින් විමර්ශන නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරිය ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.

ඒ අනුව ලබන ජුලි 08 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළ අතර විමර්ශන නිලධාරීන්ට නියෝග කළේ විමර්ශන ප්‍රගතිය පිළිබඳ ව වැඩිදුර වාර්තා ඉදිරිපත් කරන ලෙසයි.

ප්‍රකාශයක් ලබාදීමට අද (26) උදෑසන අල්ලස් කොමිසමට පැමිණීමෙන් අනතුරුව ඒ මහතාව අත්අඩංගුවට ගත් අතර පස්වරුවේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදාහැරීම මගින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධියට සම්බන්ධව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් චන්ද්‍රගුප්ත සැකකරුවෙකු ලෙස නම් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30