ඩයලොග් ආලෝක පූජා පිංකම රුවන්වැලියේ දී අතිසාර්ථකව නිමාවෙයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, ශ්‍රී ලංකාවාසී බෞද්ධයින්ගේ අතිශය වැදගත් පොහෝ දිනයක් වූ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දා, මෙරට ඓතිහාසික සිද්ධස්ථානයක් වන අනුරාධපුර රුවන්වැලි මහ සෑ මළුව පහනින් හා විදුලි ආලෝකයෙන් එළිය කරමින්, අසිරිමත් ‘ඩයලොග් ආලෝක පූජා’ පිංකම සාර්ථකව පවත්වනු ලැබුවා.

ඩයලොග් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඉකුත් පොසාන් පොහෝ දා සවස 5.30 සිට 6.30 දක්වා රුවන්වැලි සෑ චෛත්‍ය රාජයාණන් අභියස පහන් 15,000 ක් දල්වමින් හා එම පරිශ්‍රය විදුලි බුබළු 520,000 කින් ආලෝකමත් කරමින් මෙම පිංකම පැවැත්වුණු බවයි.

බුදුරජාණන් වහන්සේ දෙසා වදාළ ශ්‍රී සද්ධර්මය මිහිඳු මාහිමියන් විසින් ලංකාදීපයට රැගෙන ආ අසිරිමත් පොසොන් පුන් පොහොය නිමිත්තෙන්, බුදුන්ගේ අපරිමිත ගුණ කදම්භය සිහිපත් කර, රුවන්වැලි මහ සෑ රදුන් අභියස පහන් දල්වමින්, මහ සෑ පරිශ්‍රය විදුලි බුබුළුවලින් එළිය කරමින්, ශ්‍රී ලංකාවාසී සියලු ජනතාවට ආශිර්වාද කිරීමේ අරමුණෙන් මෙම පිංකම පැවැත්වුණු බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

පුරා පැයක් තිස්සේ රුවන්වැලි මහ සෑ රදුන් වෙත පිදුණු එම ආලෝක පූජාවෙන් අනතුරුව, පිංකමට එක් වූ පිරිස ඇතුළුව, ශ්‍රී ලංකාවාසී සියලු ජනතාවට පුණ්‍යානුමෝදනා එක්කරමින් ධර්ම දේශනාවක් ද එම පරිශ්‍රයේ පැවැත්වුණා.

රුවන්වැලි සෑය සහ අවට පරිශ්‍රය විදුලි බුබුළුවලින් ආලෝකවත් කිරීම ඩයලොග් විසින් සිදුකෙරුණේ, සැදැහැවත් බෞද්ධයින්ගේ සාදුනාද මධ්‍යයේ ය.

එම ආලෝක පූජා පිංකමට සමගාමීව, පොසොන් හා බැඳුණු මාහැඟි දානමය පුණ්‍යකර්මය පිළිබිඹු කරමින්, එම පරිශ්‍රය තුළ QR එක Scan කර නොමිලේ Data හිමිකර ගැනීමට අවස්ථාව ද ඩයලොග් සලසා තිබුණා.

ඉකුත් වෙසක් සමයේ දියත් කරන ලද, ඩයලොග් හි පුරෝගාමී QR රීලෝඩ් ක්‍රමයෙන් බලගැන්වුණු Data දන්සල හා සමානව, මහ සෑ පරිශ්‍රයේ ස්ථාන 5 කදී එලෙස Data දීමනා පිරිනමා තිබුණා.

ශ්‍රී ලංකාවාසී ජනතාව ද එක්කර ගනිමින් මහ සෑ පරිශ්‍රයේ සිදු කෙරුණු, ‘ඩයලොග් අලෝක පූජා’ පිංකම පිළිබඳව අදහස් දක්වමින්, රුවන්වැලි සෑ චෛත්‍ය විහාරාධිපති ඊතලවැටුණුවැවේ ඤාණතිලක හිමිපාණන් සඳහන් කළේ මෙලෙසින්.

“උතුම් වූ පොසොන් පොහොය නිමිත්තෙන් රුවන්වැලි මහ සෑ චෛත්‍ය රාජයාණන් අභියස පවත්වන ලද මෙම ආලෝක පූජා පිංකම, සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවට මහත් ආශිර්වාදයක් වූ බවට විශ්වාසයි. මෙවැනි පුණ්‍යකර්මයක් සංවිධානය කිරීම, බෞද්ධ වටිනාකම් සහ ආගමික පුදපූජා විධි ආරක්ෂා කිරීමට ලැබෙන ශක්තියක් විදිහටයි මම දකින්නේ. ශ්‍රී ලංකාවේ ආගමික හා සංස්කෘතික උරුමයන් පෝෂණය කරමින්, ජනතාවගේ අධ්‍යාත්මික දියුණුව සඳහා මෙවැනි කටයුතු සිදුකිරීමට ඩයලොග් ආයතනයට තව තවත් ශක්තිය ලැබේවා’ යි ප්‍රාර්ථනා කරනවා.” යනුවෙන්.

මෙවැනි සුවිශේෂී ආගමික හා සංස්කෘතික කටයුතු වෙනුවෙන් නිරතුරුවම සිය බැතිබර අනුග්‍රාහකත්වය පුද කරන ප්‍රමුඛ පෙළේ සමාගමක් ලෙසින් ඩයලොග්, ශ්‍රී ලාංකේය බෞද්ධ උරුමය හා සංස්කෘතිය සුරක්ෂිතව අනාගත පරපුරට දායාද කිරීමට දීර්ඝ කාලයක් තිස්සේ කැපවී කටයුතු ක‍රනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හෙල්ල විසිකළා වගේ තමයි ජනතාව ආණ්ඩුව විසිකරලා දාන්නේ - ආණ්ඩුව නැව ගිලුනත් බෑන් චූන් කියාගෙන ඉන්නේ
03:07
Video thumbnail
වැල්ලවායට මත්ද්‍රව්‍ය අළෙවි කල ප්‍රධානතම ජාවරමක් වටලයි..සැකකරුවන් තිදෙනෙකු බඩුත් එක්කම කොටු
00:54
Video thumbnail
මතට ලොල්වී කාන්තාවන්ගේ මාල කඩපු රට ඉදන් ආ ඩබල..
00:33
Video thumbnail
මතට ලොල්වී කාන්තාවන්ගේ මාල කඩපු රට ඉදන් ආ ඩබල..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:51
Video thumbnail
අනුරාධපුරය බන්ධනාගාරය රැඳවියන් කළ සුපිරි වැඩේ
01:31
Video thumbnail
අනුරාධපුරය බන්ධනාගාර රැඳවියන් කළ සුපිරි වැඩේ - මේකේ යථාර්තය එළියට යන්න ඕනි..ගොඩක් අය දන්නේ නෑ
05:47
Video thumbnail
කිසිවෙකුට අපිව පරාජය කරන්න බැහැ..පිටින් වගේම අභ්‍යන්තරයෙත් අපිට අභියෝග තියෙනවා
10:18
Video thumbnail
කළුතරදී යකා නටපු පුද්ගලයෙක්ට වැඩ වරදියි
00:58
Video thumbnail
ජාතික පරිසර පනත ගැන සජිත්ගෙන් ප්‍රබල ප්‍රකාශයක් - පාරිභෝගිකයට බෑනේ නිෂ්පාදනකරුවට බලපෑම් කරන්න
03:54
Video thumbnail
දොර කාගෙහරි වාහනයක වැදෙනකන් දන්නේ නෑනේ - රියදුරෙක් මීට වඩා අවධානයෙන් ඉන්න ඕනි
01:43