මෙරටට විෂ මත්ද්‍රව්‍ය ගෙනා සුද්දී ජූලි 09 තෙක් ආයෙත් හිරේට (වීඩියෝ)

ශ්‍රී ලංකා ගුවන් තොටුපොළේ දී කුෂ් කිලෝ 46යි ග්‍රැම් 60ක් අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය ජාතික 21 හැවිරිදි කාන්තාව තවදුරටත් ලබන ජුලි 09 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මිගමුව වැඩබලන මහේස්ත්‍රාත් නෙල්සන් කුමාර මහතා නියෝග කර තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ,මීගමුව බන්ධනාගාරය මගින් මීගමුව මහෙස්ත්‍රාත් අංක 02 අධිකරණයට ඉදිරිපත් කිරීමේ දී අතිරේක මහේස්ත්‍රාත්වරිය නිවාඩු ගොස් සිටි බැවින් එම නියෝගය වැඩ බලන මහෙස්ත්‍රාත්වරයකු විසින් අද (26) නිකුත් කළා.

විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ පනතේ අංක 54 (A) යටතේ ආනයනය කිරීම, ජාවරාම් කිරිම, සන්තක තබා ගැනීම යන චෝදනා යටතේ වැඩිදුර වාර්තාවක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශයේ පොලිස් සැරයන් ආර්.එම්.එස් කුමාර මහතා විසින් ඉදිරිපත් කළා.

නඩුව කැඳවු අවස්ථාවේ දී මත් ද්‍රව්‍ය නාශක කාර්‍යාංය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ අත්අඩංගුවට ගත් කුෂ් මත්ද්‍රව්‍ය තොගය ජුනි 11 වැනිදා රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවට යොමු කළ බවත් එම වාර්තා ඉදිරියේ දී අධිකරණයට ඉදිරිපත් කරන බවත්ය.

එමෙන්ම සැකකාර බ්‍රිතාන්‍යය ජාතික කාන්තාවගේ ජංගම දුරකථනය වැඩිදුරටත් විමර්ශනය කිරිම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන බවද සඳහන් කර ඇති බවත් තවමත් එහි වාර්තාව ලැබී නැති බව ද සැරයන්වරයා අධිකරණයට දැනුම් දුන්නා.

එමෙන්ම සැකකාරියගේ ගුවන් ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇති අතර එම වාර්තාව ද මේ වන තෙක් ලබා ගැනීමට හැකියාවක් නොලැබුණු බව ද සඳහන් කළා.

එහිදි ‘චාලට් මේ ලී’ නම් වු එම විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සම්පත් පෙරේරා මහතා සඳහන් කළේ එකී ජංගම දුරකථනයේ කවරයේ ඇති ඡායාරූපය ඇය ඉතා වටිනා මතකයක් බැවින් එය ලබා දීමට කටයුතු සලසා දෙන ලෙසයි.

එහිදී වැඩ බලන මහේස්ත්‍රාත්වරයා එය ලබාදීමට හැකියාවක් ඇති දැයි කියා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාශයට විමසීමක් කළා.

මේ වන විට ජංගම දුරකථනය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පවතින බැවින් එහි විමර්ශන අවසන් වූ පසු එය ලබා දීමට කටයුතු කරන බවත් ඒ පිළිබඳව සොයා බලා අධිකරණයට වාර්තා කරන බවත් එම කාර්‍යාංශය අධිකරණයට දැනුම් දුන්නා.

සැකකාරියගේ පෙර වැරදි සම්බන්ධයෙන් වාර්තාවක් සාක් කලාපීය රටවලින් සහ බ්‍රිතාන්‍ය මහාකොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා ඇති අතර එම වාර්තා ද ඉදිරියේ දී අධිකරණයට ඉදිරිපත් කරන බව සඳහන් කළා.

ඇය මීට පෙර ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර පෙර වැරදි සම්බන්ධයෙන් ද විමර්ශනය කරන බව පොලිස් මත්ද්‍රව්‍ය නාෂක කාර්‍යාංශයට අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව වැඩ බලන මහේස්ත්‍රාත්වරයා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශයට නියෝග කළේ එකී වාර්තා සොයා බලා ඉදිරිපත් කරන ලෙසයි.

සුදු පැහැති ගවුමකින් සැරසි සිටි ඇයව මීගමුව බන්ධනාගාරය මගින් අධිකරණයට ඉදිරිපත් තිබුණා.

අදාළ නියෝග නිකුත් කිරිමෙන් අනතුරුව ඇයව තවදුරටත් ලබන ජුලි 09 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළා.

සැකකාරිය වෙනුවෙන් නීතිඥ සම්පත් පෙරේරා, නීතිඥ ගයාන් කලටුවාව, නීතිඥ ඒෂාන් සඳුන්ගහවත්ත, නීතිඥ මහිෂා මුදුගමුව යන නීතිඥවරු පෙනී සිටියා.

මේ වන තුරු ඇයගේ පවුලේ කිසිවෙකු මෙරටට නොපැමිණීම සහ අධිකරණයට ඥාතීන් කිසිවෙකු නොපැමිණීම ද විශේෂත්වයක්.

දකුණු ලන්ඩනයේ සිට පැමිණි 21 හැවිරිදි චාලට් මේ ලී මේ මස මුල දී රට තුළට නීති විරෝධී ලෙස ගෙන ඒමට උත්සාහ කළ බවට රේගු නිලධාරීන් චෝදනා කරමින් මත්ද්‍රව්‍ය මළු සමඟ ඉකුත් මැයි 13 වැනිදා ශ්‍රී ලංකා රේගුව මගින් අත්අඩංගුවට ගත්තා.

හිටපු ගුවන් සේවිකාවක වන ඇය සඳහන් කළේ ඇගේ ගමන් මළුවල මත්ද්‍රව්‍ය ඇති බව දැන සිටීම ප්‍රතික්ෂේප කරන බවත් ඒවා කිසිවකු ඒ එහි තැන්පත් කර ඇති බවත්ය.

මේ වන විට ඇය දින 40කට අධික කාලයක් බන්ධනාගාරගතව සිටිනවා.

https://youtu.be/nov2kwaJDME
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23