මීරිගම රෝහලේ නිර්වින්දන වෛද්‍යවරයෙකුගේ පුරප්පාඩුවක් පැවතීම හේතුවෙන් එහි නව ජන්ම ඒකකය ද වැසී ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා.
දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරු 08 දෙනෙකු සේවය කළ ද ප්‍රමාණවත් තරම් වූ කාර්‍යය මණ්ඩලයක් නොමැති වීම හේතුවෙන් විවිධ සෞඛ්‍ය සේවා අංශවල කටයුතු අඩාල වී ඇති බවයි.
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට ද ලක් නොවී ප්‍රධාන පෙළේ රෝහලක් මෙලෙස වැසී යාමේ තර්ජනයකට මුහුණ පෑම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හිස්තැන් යළි යළිත් පෙන්නුම් කරවන සිදුවීමක් වී තිබෙනවා.
මෙම ගැටලුව සම්බන්ධයෙන් විවිධ අවස්ථාවල දී ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය කමිටුවේ සභාපති මහාචාර්‍යය ක්‍රිෂාන්ත අබේසේනට ද යොමු වී තිබුණු අතර ඔහු ඇතුළු පිරිසක් ඊයේ (25) මීරිගම රෝහලේ හදිසි නිරීක්ෂණයකට පැමිණ තිබුණා.
රෝහලේ මේ වනවිට ද (ජුනි 26) කටයුතු කරන්නේ වැඩබලන රෝහල් අධ්‍යක්ෂවරයෙකු බැවින් ඉදිරියේ දී මෙම ගැටලු විසඳා කඩිනමින් ස්ථිර අධ්‍යක්ෂවරයෙකු ද රෝහලට පත් කර, පවතින රෝහල් ගැටලු ද විසඳීමට තමන් කටයුතු කරන බවයි සභාපති මහාචාර්‍යය ක්‍රිෂාන්ත අබේසේන මහතා මෙහිදී කියා සිටියේ.
මෙම අර්බුදය හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාවට කිලෝමීටර් 15ක් පමණ දුරින් පිහිටි වතුපිටිවල රෝහලට යාමට ද සිදු වී තිබෙනවා.





