පාසල් ඩෙංගු උවදුර මැඬලීමේ දිනය ලෙස ජූලි 09 වන දා ප්‍රකාශයට පත් කෙරේ

මේ දිනවල පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින් දිවයිනේ සියලු පාසල්වල ඩෙංගු මැඬලීමේ වැඩසටහනක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය එක්ව ජූලි 09වන දා සංවිධානය කර තිබෙනවා.

“Clean Sri Lanka Day” නමින් නම් කර තිබෙන මෙම වැඩසටහනෙහි සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාවක් අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

රෝග ව්‍යාප්තිය වැළැක්වීම, මදුරුවන් බෝවන ස්ථාන හදුනා ගෙන ඒවා ඉවත් කිරීම ඇතුළු ක්‍රියාකාරකම් රැසක් එදින සිදු කෙරෙන අතර පාසල් දරුවන් තුළ පාරිසරික, සමාජීය හා ආකල්පමය පරිවර්තනයක් ඇති කිරීම ඉන් අරමුණු කෙරෙනු ඇති.

එමෙන්ම, මීට සමගාමී ව මෙරට පාසල් 10,096ම ආවරණය වන පරිදි චිත්‍ර, පොස්ටර් ප්‍රදර්ශන, නාට්‍ය සංස්කෘතික සහ සංගීතමය අංග මෙන්ම දැනුවත් කිරීමේ දේශන ඇතුළු ක්‍රියාකාරකම් සිසුන් සහ ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට සැලසුම් කර තිබෙන බව ද මෙහිදී සඳහන් කෙරුණා.

සෞඛ්‍ය අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතන, ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ආණ්ඩුකාර කාර්යාලවල සහාය ද මේ සඳහා ලබා ගැනීමට අපේක්ෂා කෙරෙනවා.

මෙම වැඩසහටන ඉදිරියේ දී විද්‍යා පීඨ හා වෘත්තීය අධ්‍යාපන ආයතනවල ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව, අතිරේක ලේකම් උදාරා දික්කුඹුර යන මහත්ම මහත්මීහු ද, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) පූජ්‍ය කොහෙල්වල විපස්සී ස්වාමීන් වහන්සේ ද, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ (සමාජීය) කපිල සෙනරත් මහතා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?