මෙරට සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට චීනයෙන් මූල්‍ය සහාය

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයට ලක් කිරීමට අදාළව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක අරමුදල් සලසා දීමට මහජන චීන සමූහාණ්ඩුව එකඟතාව පළ කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මේ වසරේ ජනවාරි මාසයේ චීනයේ සිදු කරන ලද නිල සංචාරය අතරතුරදී එම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා දෙපාර්ශ්වය අතර එකඟතාවකට එළඹ ඇති බවයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අනාවරණය වූයේ.

ඒ අනුව, එම ව්‍යාපෘතිය යටතේ තෝරාගත් පාසල් 500ක් සහ ආදර්ශ සුහුරු පන්ති කාමරයක් සඳහා අවශ්‍ය වන උපාංග යෝජිත ව්‍යාපෘතිය මඟින් ලබා දීමටත්, එම ව්‍යාපෘතිය යටතේ වන ජාල මෙහෙයුම් කළමනාකරණ ඒකකය, වැඩසටහන් මෙහෙයුම් මැදිරිය සහ සම්මන්ත්‍රණ කාමරය ‘ඉසුරුපාය’ පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීමටත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55
Video thumbnail
කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අනුරගේ ජනප්‍රියත්වය කෝ මේ ගමේ..ආණ්ඩුවම වල්මත්වෙලා දුවනවා
03:56
Video thumbnail
3, 4, 5දිනයන්හී රැඳවියන්ට අමුත්තෝ හම්බෙන්න බෑ - රැගෙන ගිය රැඳවියන්ගේ නම් ප්‍රදර්ශනය කර ඇති අයුරු
01:23
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි - "JVPය තරම් සැප නෑ වෙන ආණ්ඩු..දැන් කෙ#වගෙන තියෙන්නේ"
02:42
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31