නාවලපිටියේ නගර සභාවේ පූර්ණ බලය ස්වාධීන කණ්ඩායම් වෙත

නාවලපිටිය නගර සභාවේ සභාපති ධුරය සහ උප සභාපති ධුරය ස්වාධීන කණ්ඩායම් වෙත හිමි ව තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, අද (25) උදෑසන නාවලපිටිය නගර සභාවේ මංගල සභා රැස්වීම මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් නගර සභා රැස්වීම් ශාලාවේ දී පැවැත්වුණු බවයි.

එම මහ නගර සභාවේ නව සභාපතිවරයා වශයෙන් ස්වාධීන කණ්ඩායම් අංක 02 යටතේ සභාවට තේරී පත් වූ එම නගර සභාවේ හිටපු නගරාධිපති අමල් ප්‍රියංකර මහතා ඡන්ද 09ක් ලබා ගනිමින් තේරී පත් වුණා.

එම සභාවේ උප සභාපතිවරයා වශයෙන් ස්වාධීන කණ්ඩායම් අංක 01 යටතේ කරුපප්නන් සුරේෂ්වරන් මහතා ඡන්ද 09ක් ලබා ගනිමින් තේරී පත් වුණා.

ජාතික ජන බලවේගයෙන් තිලක් අමරිසිරි සිරිසේන සහ උප සභාපතිවරයා වශයෙන් හේවගේ ප්‍රසන්න යෝජනා කළ අතර, ඔවුන් දෙදෙනාම පැවති විවෘත ඡන්දයෙන් ලබාගත්තේ ඡන්ද 05 බැගින් පමණයි.

එම සභාව නියෝජනය කරන සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරයෙකු ස්වාධීනව කටයුතු කරනු ලැබුවා.

නාවලපිටිය නගර සභාවට ජාතික ජන බලවේගයෙන් මන්ත්‍රී ධුර 5ක්, ස්වාධීන කණ්ඩායම් අංක 01 මන්ත්‍රී ධුර 02ක්, සමගි ජන බලවේගයෙන් මන්ත්‍රී ධුර 2ක්, එක්සත් ජාතික සන්ධානයෙන් එක් මන්ත්‍රී ධුරයක් වහ්සයෙන් නගර සභාව සභිකයින් 15 දෙනෙකුගෙන් සමන්විතයි.

බහුතර බලයක් කිසිදු කණ්ඩායමකට හිමි නොවූ නිසා ස්වාධීන කණ්ඩායම් එක් වී නාවලපිටිය නගර සභාවේ සභාපති ධුරය සහ උප සභාපති ධුරය හිමි කරගනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18