ශතක 05ක් ම ලබාගෙන තරගයක් පරාජය වූ ලොව පළමු කණ්ඩායම බවට ඉන්දියාව පත්වෙයි

ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියට සමගාමී ව පැවැත්වෙන ඉන්දු – එංගලන්ත තරග 05කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ ජය සත්කාරක එංගලන්තයට හිමිවුණා.

ඒ ඉන්දීය කණ්ඩායම කඩුලු 05කින් ලීඩ්ස් ක්‍රීඩාංගණයේ දී පරාජයට පත් කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනා පළමු ඉනිම පිතිකරණයට ඉන්දියාවට අවස්ථාව ලැබුණු අතර ඔවුන් ලකුණු 471ක් ලබා ගත්තා.

එහිදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් එක් ඉනිමක දී ශතක ත්‍රිත්ත්වයක් ම වාර්තා වූ අතර යසස්වි ජයිස්වාල්, ශුබ්මන් ගිල් හා රිෂාබ් පාන්ට් එම පිතිකරුවන් අතර මුලසුන ගත්තා.

කෙසේවෙතත් ඉන්දීය පන්දු යවන්නන් හමුවේ එංගලන්තය පළමු ඉනිමට සියල්ලන්ම ලකුණු 465ක දී දැවී ගිය අතර ලකුණු 06ක් පළමු ඉනිමෙන් ඉදිරියෙන් සිටිමින් ඉන්දීය කණ්ඩායම සිය දෙවැනි ඉනිම ඇරඹුවා.

එහිදී ද නැවතත් ‍රිෂාබ් පාන්ට්ගෙන් ශතයක් හා කේ. එල් රාහුල්ගෙන් ද ශතකයක් වාර්තා වූ අතර, ටෙස්ට් ශතක 05ක් තරගය පුරා ම ලබා ගනිමින් තරගයක් පරාජයට පත් වූ පළමු කණ්ඩායම බවට ද ඊයේ (24) තරග පරාජයෙන් පසුව ඉන්දීය කණ්ඩායම පත් වුණා.

ඉන්දියාව ක්‍රීඩා කළ අවසන් ටෙස්ට් තරග 09 න් ජයග්‍රහණ‍ය කර ඇත්තේ ද එක් තරගයක් පමණක් වීම ද මෙහි දී දැඩි අවධානයට ලක් ව ඇති කරුණක්.

කෙසේවෙතත් දෙවැනි ඉනිමේ දී ඉන්දීය කණ්ඩායම ලකුණු 364කට දවා ගැනීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වූ අතර, ජයග්‍රහණයට ලකුණු 371ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම කඩුලු 05ක් පමණක් දැවී තිබියදී සිය ජයග්‍රහණය වාර්තා කළා.

එහිදී ආරම්භක කඩුල්ල වෙනුවෙන් බෙන් ඩකට් හා සැක් ක්‍රෝව්ලි අතරේ ලකුණු 188ක සබඳතාවක් ගොඩනැගුණා.

බෙන් ඩකට් ලකුණු 149ක් ලබා ගත්තා.

සැක් ක්‍රෝලි ලකුණු 65ක් හා ජෝ රූට් ලකුණු 53කට හිමිකම් කිව්වා.

නායක බෙන් ස්ටොක්ස් ලකුණු 33ක් සහ නොදැවී ලකුණු 44ක් ලබා ගනිමින් ජෙමී ස්මිත් ජයග්‍රහණයට රූට් සමග එක් ව සිය කණ්ඩායම ගෙන ගියා.

කඩුලු බිඳ දැමීමේ දී ප්‍රසිද් ක්‍රිෂ්ණා, ශර්දුල් තකූර් කඩුලු දෙක බැගින් හා එක් කඩුල්ලක් ජඩේජා ලබා ගත්තා.

තරගයේ වීරයා සම්මානය විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ එංගලන්තයේ කඩුලු රකින ක්‍රීඩක බෙන් ඩකට් දිනා ගැනීමට සමත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48