ජනපති ලේකම්ගේ ප්‍රධානත්වයෙන් බැංකු ක්ෂේත්‍රයේ ගැටලු ගැන දීර්ඝ සාකච්ඡාවක්

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ලංකා බැංකු සේවක සංගමය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (24) පෙරවරුවේ පැවැත්වුණා.

වර්තමානයේ බැංකු ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරුණු අතර ඊට ලබා දිය හැකි විසඳුම් පිළිබඳව ද අවධානය යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

මෙම ගැටලු විසඳීමේ දි සියලු දෙනාට පිළිගත හැකි, ප්‍රතිපත්තිමය යාන්ත්‍රණයක අවශ්‍යතාව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා මෙහිදී පෙන්වා දුන්නා.

ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (නීති) ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර, ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ඩී. ගමගේ යන මහත්වරු සහ ලංකා බැංකු සේවක සංගමයේ නියෝජිතයෝ මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?