මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පැමිණෙන්නන් වෙනුවෙන් සහාය ඒකකයක්

අල්ලස හා දූෂණය ලංකාවෙන් තුරන් කිරීම නව රජයේ අරමුණු අතර ප්‍රධාන වන අතර එම අරමුණ සාක්ෂාත් කරගැනීම උදෙසා රටේ ප්‍රධාන ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකක ස්ථාපිත කිරීමට මේ වන විටත් විධි විධාන යොදා තිබෙනවා.

එහි එක් පියවරක් ලෙසින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ ද අභ්‍යන්තර කටයුතු ඒකකයක් ස්ථාපිත කෙරුණා.

එම ඒකකය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා හා අභ්‍යන්තර කටයුතු ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරියා ලෙස කටයුතු කරන කොමසාරිස් (සංවර්ධන) පී. දිසානායක මහත්මිය අතින් විවෘත වුණා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන සේවාලාභීන්ගේ කාලය හා මුදල් නාස්තිය වැළැක්වීම මෙන්ම ඔවුන්ට ප්‍රියශීලී වටපිටාවක් නිර්මාණය කිරීම තුළ සේවා සැපයුම තවදුරටත් කාර්යක්ෂම කිරීම මෙම ඒකකය ස්ථාපිත කිරීමෙන් බලාපොරොත්තු වන පළමු අරමුණයි.

ඒ සඳහා අවශ්‍ය මහජන අදහස් ද මේ හරහා ලබා ගැනීමට ක්‍රමවේදයන් රැසක් සකසා තිබෙනවා.

මෙම ඒකකය පිහිටුවීමේ දෙවන අරමුණ වනුයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ සිදුවන අක්‍රමිකතා, අල්ලස් දූෂණ චෝදනා සම්බන්ධ පැමිණි ලබා ගැනීමට මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක කිරීමටයි.

මෙහිදී මහජන පැමිණිලි ලබා ගැනීමට මෙන්ම මහජන අදහස් යෝජනා විශ්ලේෂණය කර ඒ සම්බන්ධව කඩිනම් පියවර ගැනීම ද මෙම ඒකකය පිහිටුවීමෙන් අපේක්ෂා කරනු ලබනවා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා සම්බන්ධ බාහිර හා අභ්‍යන්තර සේවාලාභීන් තෘප්තිමත් කිරීම මෙම ඒකකයේ අරමුණු අතර ප්‍රධාන වී තිබෙනවා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා සැපයීම සම්බන්ධ විමසීම් හා පැමිණිලි 070 – 71 888 66 දුරකථන අංකය වෙත යොමු කළ හැකි අතර දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිත කර ඇති යෝජනා හා පැමිණිලි ලබා ගන්නා පෙට්ටිවලට ද අදාළ පැමිණිලි යොමු කිරීමට සේවාලාභීන්ට මින් අනතුරුව අවස්ථාව හිමිවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
3
+1
34
+1
2
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58