පෞද්ගලික රෝහලක් කොරෝනා ව්‍යාප්ත කිරීමේ මෙහෙයුමක ?

තුල්හිරිය කම්හලේ පොසිටිව් වාර්තා විනාශ කරලා

තුල්හිරිය ඇඟලුම් කම්හලේ සේවකයන්ට කළ පී.සී.ආර්. මගින් හාරසියයකට කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ වාර්තා විනාශ කළ බව කියන එක්තරා පෞද්ගලික රෝහලක් සම්බන්ධව ජනාධිපති නියමයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

එම ඇඟලුම් කම්හලේ සේවකයන් හාරදහසකට මෙම රෝහලේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ඇති අතර එම පී.සී.ආර්. පරීක්ෂණ කර ඇත්තේ සෞඛ්‍ය නිර්දේශ නොතකමින් යැයිද අනාවරණය වී ඇත.

මෙම පරීක්ෂණ අක්‍රමවත්ව සිදු කර ඇති හෙයින් ආසාදිතයන් සම්බන්ධයෙන් දුන් වාර්තා පරස්පර බව කොවිඩ් කමිටුව අනාවරණය කරගෙන තිබේ.

ඉන්පසු එම රෝහලෙන් අදාළ වාර්තා ටික ලබාගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් කොවිඩ් කමිටුවට උපදෙස් දී ඇති අතර බදාදා (19 වැනිදා) වන විට එම වාර්තා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියදී ඒවා විනාශ කළ බව අදාළ පෞද්ගලික රෝහල දන්වා ඇත.

දිනක් ඇතුළත අදාළ වාර්තා විනාශ කිරීම සැකසහිත වූයෙන් වහාම ඒ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කර තිබේ.

මේ අනුව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ පිළිබඳ වාර්තාවක් කැඳවා ඇත.

දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 1200ක් පමණ කිරීමට අවසර දී තිබියදී මෙම සතියේ දින දෙකකට එම රෝහලින් පී.සී.ආර්. පරීක්ෂණ 7000ක් කර ඇති බවද හෙළි වී තිබේ.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා – Aruna

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ පුංචි පුතා කේසර හිරේ දානවලු ? හොරු ඉන්නවනම් අල්ලලා හිරේ දාන්න - තිස්සකුට්ටි අභියෝග කරයි
03:47
Video thumbnail
කතා දෙකක් ඊළඟ නායකයා පොහොට්ටුවෙන් එන්නේ - මම වැඩියෙන්ම ආදරය කරන නායකයා මහින්ද
04:58
Video thumbnail
කඩු අරගෙන මහ රෑ ගෙවල්වලට එන චණ්ඩි - කළු ඇඳුමෙන් ඇවිත් CCTVත් කුඩු කරලා දාන සෙල්ලම
03:23
Video thumbnail
කස්සප හිමි ආණ්ඩුවට හොඳ කියයි - මාලිමාවේ ජාතික ධනය සූරාකෑමක් පේන්නේ නෑ
04:02
Video thumbnail
රංජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - හොරු එක්ක එකතුවෙලා ඉන්නේ අපි නෙවෙයි ආණ්ඩුව
08:25
Video thumbnail
මගී ජීවිත අනතුරේ දාලා වෙට්ටු දාගෙන යන බස් - මොක්ද මෙච්චර හදිස්සියක් ?
01:21
Video thumbnail
"ගිනිබත් වූ වැඩිහිටි නිවස අනීතිකව පවත්වාගෙන ගිහින්" මෙන්න ප්‍රබල හෙළිදරව්වක් - වහාම ලියාපදිංචි කරන්න
09:25
Video thumbnail
"අපි මාලිමාවට" කියලා ගහන් ගිය අපිට මෙහම කරන එක හරිද ?අපි 16 වෙනිදා එනවා..අපිව වළක්වන්න එපා
11:24
Video thumbnail
Kasthirama |තේමාව - නීතිය, මෙහෙයුම් සහ ජනතාව - කස්තිරම විශේෂ වැඩසටහන
01:22:05
Video thumbnail
වීදී සුනඛයින්ට තග දැම්ම ඇන්ටිට වැඩ වැරදුණ හැටි
01:34