එකම තරග‍යක දී පාන්ට්ගෙන් ශතක ද්විත්වයක්

එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේ දීත් ඉන්දීය පිතිකරු රිෂාබ් පාන්ට් විශිෂ්ට ශතකයක් වාර්තා කිරීමට මීට ටික වේලාවකට (23) පෙර සමත් වුණා.

දෙරට අතර තරගය පැවැත්වෙන්නේ ලීඩ්ස් හි දීයි.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත නායක බෙන් ස්ටොක්ස්ගේ ඇරයුමෙන් පළමු ව පිතිකරණය ඇරඹි ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 471ක් ‍රැස් කළා.

ඉන්දීය පළමු ඉනිමට ශතක තුනක් වාර්තා වූ අතර ඉන් එක් ශතකයක හිමිකාරීත්වය දැරුවේ රිෂාබ් පාන්ට් (134) විසින්.

සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහර දුන් සත්කාරක දේශය සියල්ලන්ම ලකුණු 465කට දැවී ගියා.

ඒ අනුව ලකුණු 06ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවැනි ඉනිම ඇරඹි ඉන්දීය කණ්ඩායම තරගයේ සිව්වැනි දිනය වන අද දිනයේ දී කඩුලු 03ක් දැවී ලකුණු 274ක් ලබා ප්‍රබල මට්ටමක පසුවනවා.

එහි නියමුවාණන් වශයෙන් කේ එල් රාහුල් (නොදැවී ලකුණු 112) ක් ද ලබා සිටිනවා.

ඊට හයියක් වෙමින් රිෂාබ් සිය දෙවැනි ඉනිමේ දී ද විශිෂ්ට ශතකයක් ප්‍රහාරාත්මක ව පන්දු 130කදී ලබා ගැනීම කැපී පෙනුණා.

ඊට දැවැන්ත හයේ පහර 02ක් සහ හතරේ පහර 13ක් ඇතුළත්.

මෙය පාන්ට්ගේ 8 වැනි ජාත්‍යන්තර ටෙස්ට් ශතකය ද වනවා.

මේ අතර ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ දී ඉනිම් දෙකක දී ශතක ද්විත්වයක් වාර්තා කළ දෙවැනි කඩුලු රකින්නා බවටයි පාන්ට් අද දිනයේ දී ඉතිහාසගත වූයේ.

එහි පළමු තැන මීට පෙර 2001 දී හිමි ව තිබුණේ සිම්බාබ්වේ කඩුලු රකින ක්‍රීඩක ඇන්ඩි ෆ්ලවර් හටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14