එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් දිවයිනට ගොඩබසියි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් (Volker Turk) මහතා සිව් දින නිල සංචාරයක් සඳහා අද (23) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

ටර්ක් මහතා සමග එක් දූත මණ්ඩලය සාමාජිකයෙකු ද පැමිණ සිටි බවයි ගුවන් තොටුපොළ අප වාර්තාකරු සනාථ කළේ.

වසර 09කට පසුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයෙකු මෙරටට පැමිණීම විශේෂත්වයක්.

මානව හිමිකම් මහ කොමසාරිස්වරයා අද පස්වරු 05.15 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් පිළිගැනීමට විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?