ඉරාන ප්‍රශ්නයේ දී අපි මධ්‍යස්ථයි – පුටින් කියයි

එක්සත් ජනපදය ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කර ගැනීමෙන් පසුව පවා, මොස්කව් ටෙහෙරානයේ ගලවා ගැනීමට සෘජුවම පැමිණීම වෙනුවට පසෙකට වී සිටින්නේ මන්දැයි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පැහැදිලි කර තිබෙනවා.

රුසියාව සහ ඉරානය දශක ගණනාවක සිට සමීප සබඳතා පවත්වා ඇතත්, රුසියානු භාෂාව කතා කරන විශාල පිරිසක් ඊශ්‍රායලයේ ජීවත් වන බැවින් ගැටුමේදී මධ්‍යස්ථව සිටීමට උත්සාහ කරන බවයි පුටින් පවසා ඇත්තේ.

පැරණි සෝවියට් සංගමයෙන් සහ රුසියානු සමූහාණ්ඩුවෙන් මිලියන දෙකකට ආසන්න ජනතාවක් ඊශ්‍රායලයේ වාසය කරන බව ඔබේ අවධානයට යොමු කිරීමට මම කැමතියි. එය අද රුසියානු භාෂාව කතා කරන රටක්. තවද, නිසැකවම, රුසියාවේ සමකාලීන ඉතිහාසයේ අපි මෙය සැමවිටම සැලකිල්ලට ගනිමු.”යනුවෙන් ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සංසදය අතරතුර ජනාධිපති පුටින් පවසා සිටියා.

එමෙන්ම රුසියාව තම මිත්‍ර පාක්ෂිකයින්ට දක්වන පක්ෂපාතිත්වය ප්‍රශ්න කළ විචාරකයින්ට ද පුටින් මෙහිදී ප්‍රතිචාර දක්වනු ලැබුවා.

අරාබි ජාතීන් සහ ඉස්ලාමීය රටවල් සමඟ රුසියාවේ සබඳතා දිගු කලක් මිත්‍රශීලීව පැවති බවත්, රුසියාවේ ජනගහනයෙන් සියයට 15 ක් මුස්ලිම්වරුන් බව අවධාරණය කළ ඔහු රුසියාව ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ (OIC) නිරීක්ෂකයෙකු බවත් ඔහු තවදුරටත් සඳහන් කළා.

එක්සත් ජනපදය කිලෝග්‍රෑම් 14,000 ක බංකර්-බස්ටර් බෝම්බ දමා ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වන ෆෝඩෝව්, නටාන්ස් සහ ඉස්ෆහාන් වෙත ප්‍රහාර එල්ල කරමින් මිඩ්නයිට් හැමර් මෙහෙයුම සිදු කිරීමෙන් පසුව පුටින් අදහස් දක්වා සිටියා.

මේ අතර ටෙහෙරානයට සහාය ලබා ගැනීමේ අරමුණින් ව්ලැඩිමීර් පුටින් හමුවීමට ඉරාන විදෙස් අමාත්‍යවරයා මේ වනවිට රුසියාවේ මොස්කව් වෙත ගොස් සිටිනවා.

  1. ලොව දීප්තිමත් නායකයින් මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදයේ මුලධර්ම හා
    අන්‍ය ආගමික ජනතාව සංහාරය කර ලෝකය අන්තවාදී මුස්ලිම් කරණය ගැන හොදින් දනී. ජනපති පුටින් ගේ අදහස එය පැහැදිලිවම ප්‍රකාශ කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මොකක්ද මැඩම් මේ කරන වැඩේ තේරුම..
04:20
Video thumbnail
වැලිගම W15 හෝටලයට වෙ# තැබීමේ සිද්ධියට අධිකරණයට ආ දේශබන්දු
01:24
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23