සියොන්වාදී සතුරා විශාල වැරැද්දක් කර තිබෙනවා, එයට නිසි දඬුවම් ලැබේවි – ඉරාන උත්තරීතර නායක

ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනට බෝම්බ හෙලීමෙන් පසු ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි සිය පළමු ප්‍රතිචාරය දක්වා තිබෙනවා.

“සියොන්වාදී සතුරා විශාල වැරැද්දක් කර ඇත, විශාල අපරාධයක් කර ඇත; එයට දඬුවම් කළ යුතු අතර නිසි දඬුවම් ලැබේ; එයට දැන් දඬුවම් ලැබේ.” යනුවෙන්; සිය එක්ස් ගිණුමට සටහනක් එක්කරමිනුයි ඔහු මෙම ප්‍රතිචාරය දක්වා ඇත්තේ.

ගුවන් ප්‍රහාර මෙන් පෙනෙන පින්තූරයක් ද කමේනි ඒ සමඟ එක්ස් ගිණුමේ පළකර ඇති අතර, නළලේ ඩේවිඩ්ගේ තාරකාව සහිත හිස් කබලක රූපයක් එහි දක්නට ලැබෙනවා.

ඩේවිඩ්ගේ තාරකාව ඊශ්‍රායල ධජයේ සංකේතයක් වන අතර, එය සාමාන්‍යයෙන් යුදෙව් අන්‍යතාවය සහ යුදෙව් ආගම යන දෙකම නියෝජනය කරනවා.

එක්සත් ජනපද ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසු කමෙයිනිගේ ප්‍රකාශය සිදුකර ඇති අතර, ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර ලෙස ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරවලදී මිසයිල 40 ක් දියත් කර ඇති අතර, එම ප්‍රහාරයට කොරාම්ෂහර් 04 මිසයිල ද යොදාගෙන ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

ඉරානයේ කොරම්ෂහර් නගරය සිහිවීම සඳහා නම් කරන ලද කොරම්ෂහර් මිසයිලය, 2017 ජනවාරි මාසයේදී ඉරානය විසින් අත්හදා බලන ලද මධ්‍යම දුර බැලස්ටික් මිසයිලයක් වනවා.

කිලෝමීටර 1,000ත් 2,000ත් අතර දුර පරාසයකට ප්‍රහාර එල්ල කළ හැකි මෙම මිසයිලයෙන් කිලෝග්‍රෑම් 1,800ක පුපුරන ද්‍රව්‍ය රැගෙන යා හැකි මීටර් 13ක දිගකින් යුත් මිසයිලයක්.

මේ අතර ඊයේ (22) කමෙයිනිගේ සහායක හොසේන් ෂරියත්මදාරි, ප්‍රමාදයකින් තොරව පළිගැනීමේ අනතුරු ඇඟවීමක් කළ අතරහෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දමන බවට එහිදී ඔහු තර්ජනය කරනු ලැබුවා.

“දැන් ප්‍රමාදයකින් තොරව ක්‍රියා කිරීමට අපගේ වාරයයි. පළමු පියවර ලෙස, අපි බහරේනයේ එක්සත් ජනපද නාවික බලඇණියට මිසයිල ප්‍රහාරයක් දියත් කළ යුතු අතර, ඒ සමඟම හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඇමරිකානු, බ්‍රිතාන්‍ය, ජර්මානු සහ ප්‍රංශ නැව් සඳහා වසා දැමිය යුතුයි” යන්න ඔහු වැඩිදුරටත් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14