ඉරානය හෙට පුටින් සමඟ විශේෂ සාකච්ඡාවක

සඳුදා දිනයේ රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් සමඟ රැස්වීමක් සඳහා මොස්කව් වෙත යන බව ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරක්චි පවසනවා.

තුර්කියේ ඉස්තාන්බුල්හි සිට මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

“මම අද දහවල් මොස්කව් වෙත යනවා, හෙට උදෑසන ජනාධිපති පුටින් සමඟ රැස්වීමක් තියෙනවා. රුසියාව ඉරානයේ මිතුරෙක්,” විදේශ අමාත්‍යවරයා ඉස්තාන්බුල්හි වාර්තාකරුවන්ට පවසා තිබෙනවා.

මේ අතර ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි තම රටේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් පවසන්නේ ට්‍රම්ප් ඉරානය සහ ඇමරිකානු ජනතාව යන දෙකම පාවා දුන් බවයි.

“ජනාධිපති ට්‍රම්ප් තේරී පත් වූයේ ඇමරිකාවේ මිල අධික යුද්ධවලට ලෝකයේ අපගේ කොටසේ සදාකාලික යුද්ධවලට සම්බන්ධ වීම අවසන් කිරීමේ වේදිකාවක් මත වුවද, ඔහු රාජ්‍ය තාන්ත්‍රිකභාවය සඳහා අපගේ කැපවීම අනිසි ලෙස භාවිතා කිරීමෙන් ඉරානය පමණක් නොව, ඊශ්‍රායල තන්ත්‍රයේ අරමුණු ඉදිරියට ගෙන යාම සඳහා ඇමරිකානු පුරවැසියන්ගේ ජීවිත හා ධනය සූරාකෑමට පුරුදු වී යුද අපරාධකරුවෙකුගේ මෙහෙවරට යටත් වීමෙන් ඔහුගේම ඡන්දදායකයින් ද රවටා තිබෙනවා.” යනුවෙන් අමාත්‍යවරයා පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?