ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන කිහිපයකට අමෙරිකානු ප්‍රහාර

ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට අමෙරිකානු ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

ඇමරිකානු හමුදාවට අයත් B2 ප්‍රහාරක යානා 06ක් මෙම ප්‍රහාරයට එක්ව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ෆෝඩෝ, නටාන්ස් සහ එස්ෆහාන් ඇතුළු ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට මෙලෙස ප්‍රහාර එල්ල වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙම ප්‍රහාරයෙන් පසු සිය සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් ට්‍රම්ප් පවසා ඇත්තේ සියලුම ගුවන් යානා ආරක්ෂිතව නිවෙස් බලා යමින් තිබෙන බවත් දැන් සාමයට කාලය වන බවයි.

“මෙය අමෙරිකා එක්සත් ජනපදයට, ඊශ්‍රායලයට සහ ලෝකයට ඓතිහාසික මොහොතක්, ඉරානය දැන් මෙම යුද්ධය අවසන් කිරීමට එකඟ විය යුතු” බව ඔහු වැඩිදුරටත් එහි දක්වා තිබෙනවා.

මේ අතර අමෙරිකානු හමුදා එල්ල කළ මෙම ප්‍රහාර ඉස්ෆහාන්හි ආරක්ෂක නියෝජ්‍ය ආණ්ඩුකාර අක්බාර් සලේහි විසින් තහවුරු කර තිබෙනවා.

මේ අතර ඉරානයට එල්ල කළ මෙම ප්‍රහාරයෙන් පසු අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් අද ජාතිය ඇමතීමට නියමිත බවට ද තොරතුරු වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්, නාමල් හීන දැක්කට වැඩක් නෑ - 2029යේත් ජනාධිපති අනුරම තමයි
05:45
Video thumbnail
ආණ්ඩුව තමන්ට ඕන ඕන අයව අත්අඩංගුවට අරන් පිටිය සුද්ද කරගන්නයි හදන්නේ
04:31
Video thumbnail
මුළු නාවලපිටියම යට කළ මහා ජල කඳ
01:01
Video thumbnail
දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ එකමුතුව ජනපති හමුවෙයි
01:10
Video thumbnail
මහර බන්ධනාගාර සිද්ධිය පිටිපස්සේ තුන්වැනි පාර්ශවයක්..?
08:48
Video thumbnail
සෞඛ්‍ය ඇමති සහ අධිකරණ ඇමති මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී 23 malwathu
00:51
Video thumbnail
වටවල දුම්රිය ස්ථානය විනාශ කළ පස් කන්ද
01:20
Video thumbnail
බෝතලයකුත් උස්සගෙන උසාවියට ආපු හරක් කටා
01:56
Video thumbnail
පස් කන්දක් කඩා වැටී කාන්තාවකට ජීවිතය අහිමි වෙයි - තවත් 3 අතුරුදන්
00:57
Video thumbnail
බය වෙන්න එපා, අපි ඔයාලව බේරගන්නවා - ගංවතුරෙන් ජීවිත ටික බේරාගත්ත කොල්ලෝ සෙට් එක
01:31