ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට අමෙරිකානු ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.
ඇමරිකානු හමුදාවට අයත් B2 ප්‍රහාරක යානා 06ක් මෙම ප්‍රහාරයට එක්ව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
ෆෝඩෝ, නටාන්ස් සහ එස්ෆහාන් ඇතුළු ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට මෙලෙස ප්‍රහාර එල්ල වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මෙම ප්‍රහාරයෙන් පසු සිය සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් ට්‍රම්ප් පවසා ඇත්තේ සියලුම ගුවන් යානා ආරක්ෂිතව නිවෙස් බලා යමින් තිබෙන බවත් දැන් සාමයට කාලය වන බවයි.
“මෙය අමෙරිකා එක්සත් ජනපදයට, ඊශ්‍රායලයට සහ ලෝකයට ඓතිහාසික මොහොතක්, ඉරානය දැන් මෙම යුද්ධය අවසන් කිරීමට එකඟ විය යුතු” බව ඔහු වැඩිදුරටත් එහි දක්වා තිබෙනවා.
මේ අතර අමෙරිකානු හමුදා එල්ල කළ මෙම ප්‍රහාර ඉස්ෆහාන්හි ආරක්ෂක නියෝජ්‍ය ආණ්ඩුකාර අක්බාර් සලේහි විසින් තහවුරු කර තිබෙනවා.
මේ අතර ඉරානයට එල්ල කළ මෙම ප්‍රහාරයෙන් පසු අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් අද ජාතිය ඇමතීමට නියමිත බවට ද තොරතුරු වාර්තා වනවා.





