ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය කඩුලු 06ක් දැවී ලකුණු 285ක් රැස්කරගෙන සිටිය දී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළා.
ඒ, අනුව ශ්‍රී ලංකාවට මෙම තරගය ජය ගැනීම වෙනුවෙන් ලකුණු 296ක ඉලක්කයක් හිමිව තිබෙනවා.
බංග්ලාදේශ දෙවන ඉනිම වෙනුවෙන් නායක නජ්මුල් හුසේන් ෂැන්ටෝ නොදැවී ලකුණු 125ක් රැස්කළ අතර, ආරම්භක පිතිකරු ෂඩ්මන් ඉස්ලාම් ලකුණු 76ක් රැස් කළා.
පන්දු යැවීමේ දී තරිඳු රත්නායක බංග්ලාදේශ දෙවන ඉනිම කඩුලු 03ක් බිඳ දැමුවා.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන තරගයේ අවසන් දිනය අදයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
1
+1
+1
+1





