කපු මහත්තයාගේ ගෙදර බාල්කයේ එල්ලී ආවතේව කරන්න සිටි සේවකයා දිවි නසාගෙන

එප්පාවල, කෝන්වැව ප්‍රදේශයේ දේවාලයක ආවතේව කටයුතු කරමින් සිටි පුද්ගලයෙක් දේවාලයේ හිමිකරුගේ නිවස පිටුපස බාල්කයක එල්ලී ඊයේ (20) රාත්‍රියේ සියදිවි හානි කරගෙන තිබෙනවා.

එප්පාවල පොලීසිය සඳහන් කළේ මෙලෙස සියදිවි හානිකර ගෙන ඇත්තේ ගැටදිවුල, කිරලෝගම ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 36ක විවාහක පුද්ගලයෙක් බවයි.

ඔහු අදාළ දේවාලයේ වසර 10 කට වැඩි කාලයක් නැවති සේවය කර ඇති අතර, නිරන්තරයෙන් දේවාලයේ කපු මහතා සමඟ ඔහු අඩදඹර ඇති කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (20) දින රාත්‍රියේ ද කෝන්වැව ප්‍රදේශයේ පැවති අවමංගල්‍යය උත්සවයකදී ඔවුන් දෙදෙනා ගැටුමක් ඇති කර ගෙන ඇති බව සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

සියදිවි හානි කරගත් ඔහුගේ ඇඳුමක සාක්කුවේ තිබී ඔහු විසින් ලියන ලද ලිපියක් ද පොලීසිය සොයාගෙන ඇති අතර,
සියදිවි හානි කරගැනීම සම්බන්ධයෙන් එහි සටහන් කර තිබූ බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
0
+1
7
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21