සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය වන අද දිනයේ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.
මෙම තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටින බංග්ලාදේශ කඩුලු 04ක් දැවී ලකුණු 237ක් රැස්කරගෙන සිටිය දී ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට වර්ෂාව පතිත වුණා.
බංග්ලාදේශ දෙවන ඉනිමේ සිව්වන කඩුල්ල ලෙස ලකුණු 49ක් රැස්කරගෙන සිටිය දී මුෂ්ෆිකර් රහීම් දුවද්දී දවාගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හැකියාව ලැබුණා.
මුෂ්ෆිකර්ගේ දුවද්දී දවාගැනීම සම්බන්ධ තෙවැනි විනිසුරුගේ තීරණය ලබාදී මුෂ්ෆිකර් පිටියෙන් ඉවත්වනවාත් සමඟ වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නතර කිරීමටයි විනිසුරුවරුන්ට සිදුවුණේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
1
+1





