රිජ්වේ ආර්යා ළමා රෝහලට අති නවීන න්‍යෂ්ටික ප්‍රතිබිම්භ ඒකකයක්

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්ථාපිත කරන ලද නව න්‍යෂ්ටික ප්‍රතිබිම්භ ඒකකය ඊයේ (20) දින ප්‍රතිකාර සේවාවන් සඳහා එක් කිරීම සිදුකෙරුණා.

ඒ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගේ ප්‍රධානත්වයෙන්.

රුපියල් මිලියන 154 ක් වටිනා මෙම අති නවීන තාක්ෂණයෙන් යුත් න්‍යෂ්ටික ප්‍රතිබිම්භ ඒකකය සඳහා මුදල් ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී තිබෙනවා.

මීට පෙර රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්ථාපිත කර තිබූ යන්ත්‍රය වසර 20 කට වඩා පැරණි යන්ත්‍රයක් වන අතර, එය වරින්වර අක්‍රීයවීම හේතුවෙන් එම යන්ත්‍රය මඟින් සිදුකරන පරීක්ෂණ කටයුතු සිදුකළේ කොළඹ ජාතික රෝහලෙන්.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ මීට මාස කිහිපයකට පෙර සිදුකරන ලද නිරීක්ෂණ චාරිකාවේ දී රෝහල් පරිපාලනය සහ රෝහල් කාර්ය මණ්ඩලය මෙම අවශ්‍යතාවය පිළිබඳව දැනුවත් කිරීමට පියවර ගත් අතර, එහි දී නව න්‍යෂ්ටික ප්‍රතිබිම්භ ඒකකයක් කඩිනමින් රෝහල තුළ ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබුණා.

කොළඹ ජාතික රෝහල, කරාපිටිය ජාතික රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල යන රජයේ රෝහල්වල මෙම යන්ත්‍රය ස්ථාපිත කර ඇති අතර එමගින් රෝගී සත්කාර සේවාවන් කාර්යක්ෂමව සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48