ගාල්ල උප නගරාධිපතිගේ පක්ෂ සාමාජිකත්ව පොහොට්ටුව අත්හිටුවයි (වීඩියෝ)

ගාල්ල මහ නගර සභාවට උප නගරාධිපති ලෙස පත්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රියන්ත ගොඩගම සහබන්දුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කර තිබෙනවා.

ඊට අමතරව ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් දක්වා ඇත්තේ.

ගාල්ල මහ නගර සභාවේ නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීමට සිදුකර ඡන්ද විමසීමේ දී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ලබාදී තිබූ උපදෙස්වලට පරිභාහිරව ප්‍රියන්ත ගොඩගම සහබන්දුගේ කටයුතු කර ඇති බවත්, ඒ තුළින් ඔහු උප නගරාධිපති ලෙස තේරී පත්ව ඇති බවත් අදාළ නිවේදනයේ දැක්වෙනවා.

එලෙස පක්ෂයේ උපදෙස් නොතකා කටයුතු කිරීම හේතුවෙන් ඔහුගේ පක්ෂ සාමාජිකත්ව අත්හිටු වූ බවත්, දැනට පක්ෂය තුළ දරණු ලබන සියලුම වගකීම්වලින් ඉවත් කරන බවත් අදාළ නිවේදනයේ සඳහන්.

ගාල්ල මහ නගර සභාවේ මංගල රැස්වීම පළාත් පාලන මහකොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවැත් වූ අතර,එහිදී නගරාධිපති තෝරාගැනීම රහස් ඡන්දයෙන් සිදුකරනු ලැබුවා.

එහිදී ඡන්ද 19ක් ලබාගනිමින් ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ හල්මිටිගලඉහල ගමගේ සුනිල් ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති ලෙස තේරීපත් වූ අතර, නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රියන්ත සහබන්දු තේරී පත් වුණා.

මේ සම්බන්ධයෙන් අප ගාල්ල මහ නගර සභාවේ උප නගරාධිපති ලෙස පත්වූ ප්‍රියන්ත සහබන්දුගේ විමසීමක් කළ අතර, ඔහු සඳහන් කළේ එවන් ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් පක්ෂයෙන් තමන්ට දැනුම්දීමක් සිදුනොකළ බවයි.

WhatsApp Image 2025 06 20 at 1.09.42 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32