යුද්දෙ නිසා කල් දැමීමට සිදු වූ පුතුගේ මඟුල ගැන නෙතන්යාහු කළ ප්‍රකාශය දැඩි විවේචනයට

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සිදු කළ ප්‍රකාශයක් මේ වනවිට (20) දැඩි ආන්දෝලනයක් ඉපිදවීමට හේතු වී තිබෙනවා.

ඒ ඔහු මැදපෙරදිග යුද්ධය හමුවේ තමන්ට විශාල වශයෙන් පෞද්ගලික හානියක් සිදු වූ බවට මාධ්‍ය හමුවේ සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන්.

යුද තත්ත්වය හේතුවෙන් තම පුතු වන අව්නර්ගේ විවාහ මංගල්‍යය දෙවැනි වරටත් කල් දැමීමට සිදු වීම පෞද්ගලිකව විශාල පාඩුවක් බවට ඊශ්‍රායල අගමැතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ඉරානය විසින් ඊයේ (19) රාත්‍රියේ ඊශ්‍රායලයේ සොරෝකා රෝහලට පහරදීමෙන් පසු ඊශ්‍රායලයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් ද එල්ල කළා.

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වෙමින් පවතින ආතතීන් මධ්‍යයේ, නෙත්න් යාහු සොරොකා රෝහල නිරීක්ෂණයට පැමිණීමෙන් පසුව මෙම ප්‍රකාශය කර ඇති බවයි ‘හින්දුස්තාන් ටයිම්ස්’ පුවත් සේවය වාර්තා කළේ.

මෙම ප්‍රකාශය බොහෝ ඊශ්‍රායල ජාතිකයින්ගේ විවේචනයට පාත්‍ර වී තිබෙනවා.

යුද කාලීන විඳ දරාගැනීමේ ආත්මයක් ඇති කරගන්නා ලෙස ද ඊශ්‍රායල අගමැතිවරයා වැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.

මූලාශ්‍රය – https://www.hindustantimes.com/

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
11
+1
2
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ පාර යටින් මතුවූ පතල..එක පතලක් පටන් ගන්නේ කඩ කාමරයකින්
03:45
Video thumbnail
විදේශගතව සැඟවී සිටින රතු නිවේදන ලැබූ සැකකරුවන් 88ක් ශ්‍රී ලංකාවට ගේනවා
04:35
Video thumbnail
ලස්සන ජීවිතය අපි ජනතාවට දෙනවා..ජනතාව කවදාවත් පරාද නෑ..හරි සතුටින් ඉන්නේ පේනවනේ
02:09
Video thumbnail
ආණ්ඩුවට මිනිස්සු කුණුහරුපෙන් බනින දවස වැඩි ඈතක නෑ..සුජාතභාවය රට තුළින් විනාශවෙලා
03:34
Video thumbnail
ට්‍රම්ප් - නෙතන්යාහු අතර හදිසි දුරකථන සංවාදයක් එළියට..ඉස්ලාමාබාද් කැළඹෙයි
05:47
Video thumbnail
ජනතාව ඉතිහාසයේ වැඩිපුරම විශ්වාස කරපු ආණ්ඩුව..ජනතාවට රිදෙනකොට උත්තර දෙයි
02:18
Video thumbnail
අපි නෙවෙයි පරාද ජනතාව පරාද..පට්ට හොරෙක් තාම ඇමතිකමේ ඉන්නවා..දූෂණ විරෝධි ආණ්ඩුකරණය අදින් ඉවරයි
03:15
Video thumbnail
මිනිස්සු පොලිස් බැරියල් කඩාගෙන යන්න හදයි - දැඩි උණුසුම් තත්ත්වයක්
00:50
Video thumbnail
නාමල් රාජපක්ෂ එයාගේ උපන්දිනය පවුලත් එක්ක සමරපු හැටි
00:37
Video thumbnail
නාමල් රාජපක්ෂ එයාගේ උපන්දිනය පවුලත් එක්ක සමරපු හැටි.. එයාලගේ මූහුණුවල තියෙන සතුට
01:00