අහමදාබාද් ගුවන් අනතුරින් මියගිය 215 දෙනෙකුගෙන් 198කගේ ම DNA හඳුනා ගැනේ

පසුගියදා ලෝකයම කම්පා කරමින් ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් නගරයේ සර්දාර් වල්ලභභායි පටෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ගුවන්ගත වී ටික වේලාවකින් මේඝානි නගර් ප්‍රදේශයේ පිහිටි බීජේ වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරය මතට කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් 215 දෙනෙකුගේ DNA ගැලපීම් තහවුරු කරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

NDTV පුවත් සේවය පැවසුවේ එලෙස හඳුනාගැනුණු මළසිරුරු 198ක් මේ වනවිට (20) අදාළ පවුල්වල ඥාතීන් වෙත භාර දී ඇති බවයි.

ජුනි මස 12 වැනි දින සිදු වූ ගුවන් අනතුරින් කඩා වැටුණේ එයාර් ඉන්දියා ගුවන් සේවයේ බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් යානයක්.

අහමදාබාද් සිවිල් රෝහල් අධිකාරී රාකේෂ් ජෝෂි පැවසුවේ මියගිය 198 දෙනාගෙන් 149 දෙනෙකුම ඉන්දීය ජාතිකයින් බවත් පෘතුගීසි ජාතිකයින් සත්දෙනෙකු, බ්‍රිතාන්‍ය ජාතිකයින් 32ක් සහ එක් කැනේඩියානු ජාතිකයෙක් සිටින බවයි.

මියගිය 15 දෙනෙකුගේ මළ සිරුරු ගුවන් මගින් සහ 183 දෙනෙකුගේ සිරුරු මහා මාර්ග ඔස්සේ ගිලන්රථ හරහා යවා ඇති බව ද හෙතෙම වැඩිදුරටත් පැවසුවා.

අහමදාබාද් පොලිස් කොමසාරිස් ජීඑස් මලික් මහතා පැවසුවේ AI-171 ගුවන් අනතුරින් මියගිය 222 දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති අතර, ඉන් 214 දෙනෙකු DNA සාම්පල මත පදනම්ව සහ 8 දෙනෙකු DNA ගැලපීමකින් තොරව හඳුනාගෙන ඇති බවයි.

මලික් මහතා වැඩිදුරටත් මෙසේ සඳහන් කළා.

“පොලිසිය ද විමර්ශනයේ ඔවුන්ගේ කොටස ඉටු කරයි, නමුත් අනෙකුත් ආයතන සහ විශේෂඥයින් කළු පෙට්ටිය විශ්ලේෂණය කිරීම වැනි තාක්ෂණික කොටස ඉටු කරයි, විමර්ශනය සිදුවෙමින් පවතී… මේ වන විට පුද්ගලයින් 222 ක් හඳුනාගෙන ඇති අතර, DNA සාම්පල මත පදනම්ව 214 ක් සහ DNA නොමැතිව අට දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන්ගේ සිරුරු ඔවුන්ගේ පවුල්වලට භාර දී ඇත,” යනුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයට නායකත්වයක් නැද්ද ?..සියළුම දේශපාලන පක්ෂවල අය නායකයෝ
02:40
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58