පැතුම් බංගලීන්ට එරෙහිව ටෙස්ට් ලකුණු 1000 සීමාව ශතකයකින් ම සපුරා ගනියි

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ජාත්‍යන්තර ටෙස්ට් ලකුණු 1000 සීමාව පසුකර යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත් වුණා.

දෙරට අතර මේ වනවිට (19) පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ශක්තිමත් අත්තිවාරමක් ලකුණු පුවරුවට ගොඩනගමින් පැතුම් විශිෂ්ට ටෙස්ට් ශතකයක් ද ලබා ගනිමින් මෙම දක්ෂතාව දැක්වූවා.

පැතුම් මෙලෙස ලබා ගත්තේ සිය තෙවැනි ටෙස්ට් ශතකයයි.

ඊට හතරේ පහර 13ක් සහ එක් හයේ පහරක් ඇතුළත්.

වැය වූ පන්දු ගණන 138ක්.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 181ක් ලබා සිටිනවා.

දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 48 යි.

දෙවැනි කඩුල්ලට පැතුම් හා චන්දි අතර ලකුණු 134ක නොබිඳුණු සබඳතාවක් ගොඩනැගී තිබෙනවා.

පළමු කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 29ක් අතැතිව සිටි ළහිරු උදාරයි.

බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිමට සියල්ලන්ම දැවී ලකුණු න්495ක් ලබා ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා හදිසියේම නැගිටියි - රට බෙදන කතා මම කිව්වේ නෑ..එහෙම එකක් දෙමළෙන් කිව්වේ නෑ
01:37
Video thumbnail
මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා චාම්ව වැඩ භාරගත් අයුරු - "ජනපති විශාල වගකීමක් මට භාරදුන්නේ"
07:43
Video thumbnail
මට හාර්ට් ඇටෑක් - අපි මැ#ණත් කමක් නෑ - අපේ ළමයි ටික ඕනි සර්..මුන් අපිව පන්නනවා
01:41
Video thumbnail
ශ්‍රී ලංකා නීතිඥ සංගමය කාදිනල් හිමියන් හමුවෙයි - සංශෝධනය ගැන අපි දීර්ඝ සාකච්ඡාවක් කලා
04:26
Video thumbnail
අනුරාධපුර බන්ධනාගාරයෙත් ආරක්ෂාව තර කරයි - ප්‍රදේශයටම යුද හමුදාව යොදවයි
03:13
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා ගිය තරුණයා - "චිත්‍රපටියක වගේ..ළමයෝ නවත්තනවකෝ.."
01:01
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත බන්ධනාගාරයට - මුණුත් වහගෙන ගිය හැටි
02:33
Video thumbnail
"ගෙදර හිටිය මල්ලිව බොරුවට බන්ධනාගාරෙට ගෙනත් ඇතුලේ තියාගෙන ඉන්නවා"
00:54
Video thumbnail
කාන්තාවක් පොලිසියට කරපු කැත වැඩේ - බලපල්ලා උඹලා මගේ ඕන තැනක් චෙක් කරපල්ලා..මෙන්න බඩු තියෙනවා බලපන්
09:46
Video thumbnail
"මගේ ජීවිතේ නැතිවෙයි දෙයියනේ.. මට කියන්න මගේ දරුවා කොහෙද කියලා"
01:08