ඉහළ නිලධාරියාගේ හදිසි මරණයෙන් චීන හමුදාව කැලඹෙයි

ආරක්ෂක නවීකරණයේ ප්‍රධාන චරිතයක් සහ ෂී ජින්පින්ගේ විශ්වාසවන්ත හමුදා උපායමාර්ගිකයෙකු වූ ෂු කිලියැංගේ අභාවයෙන් පසු චීනයේ හමුදා නායකත්වය කැලඹීමකට මුහුණ දී සිටිනවා.

ඔහුගේ හදිසි අභාවය චීනයේ සන්නද්ධ හමුදා තුළ දේශපාලන පවිත්‍ර කිරීම්, දූෂණය සහ අස්ථාවරත්වය පිළිබඳ සමපේක්ෂණයකට තුඩු දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මධ්‍යම හමුදා කොමිසමේ හිටපු උප සභාපති සහ චීනයේ හමුදා නායකත්වයේ ප්‍රධාන චරිතයක් වූ ෂු කිලියැං ජුනි 2 වන දින බීජිංහි දී මියගිය බව රාජ්‍ය ෂින්හුවා ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළා.

කෙසේ වෙතත්, මාධ්‍යවේදියෙකු හෙළි කළේ ෂු ඇත්ත වශයෙන්ම මැයි 28 වන දින අලුයම මිය ගිය බවයි.

චීන කොමියුනිස්ට් පක්ෂය නිවේදනය දින ගණනක් අත්හිටුවා ඇති බවත්, අභ්‍යන්තර දේශපාලන උපාමාරු සම්පූර්ණ කිරීමෙන් පසුව පමණක් ප්‍රවෘත්ති නිකුත් කළ බවත්ය.

මරණය සිදු වූ නිල දිනය වෙනස් කර ඇති අතර, එය ගැඹුරු දේශපාලන ඇඟවුමක්.

ෂු කිලියැංගේ මරණය, ෂී ජින්පින්ගේ නායකත්වය යටතේ චීන කොමියුනිස්ට් පක්ෂය තුළ ඇති ගැඹුරු කැලඹීමක් පිළිබිඹු කරනු ඇති.

බලය තහවුරු කර ගැනීම අරමුණු කරගත් පුළුල් පවිත්‍ර කිරීම්, ඉහළ නිලධාරීන් අතර භීතියක් ඇති කර ඇති අතර, අභ්‍යන්තර සහජීවනය අස්ථාවර කරනවා.

කලක් විශ්වාසවන්ත හමුදා උපායමාර්ගිකයෙකු වූ ෂු, දේශපාලන උපාමාරුවල ගොදුරක් බවට පත් වූ අතර, ඔහුගේ අභාවයට පෙර දැවැන්ත මානසික ආතතියකින් පසු වූ බවට වාර්තා පළ වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
3
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?