ඉහළ නිලධාරියාගේ හදිසි මරණයෙන් චීන හමුදාව කැලඹෙයි

ආරක්ෂක නවීකරණයේ ප්‍රධාන චරිතයක් සහ ෂී ජින්පින්ගේ විශ්වාසවන්ත හමුදා උපායමාර්ගිකයෙකු වූ ෂු කිලියැංගේ අභාවයෙන් පසු චීනයේ හමුදා නායකත්වය කැලඹීමකට මුහුණ දී සිටිනවා.

ඔහුගේ හදිසි අභාවය චීනයේ සන්නද්ධ හමුදා තුළ දේශපාලන පවිත්‍ර කිරීම්, දූෂණය සහ අස්ථාවරත්වය පිළිබඳ සමපේක්ෂණයකට තුඩු දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මධ්‍යම හමුදා කොමිසමේ හිටපු උප සභාපති සහ චීනයේ හමුදා නායකත්වයේ ප්‍රධාන චරිතයක් වූ ෂු කිලියැං ජුනි 2 වන දින බීජිංහි දී මියගිය බව රාජ්‍ය ෂින්හුවා ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළා.

කෙසේ වෙතත්, මාධ්‍යවේදියෙකු හෙළි කළේ ෂු ඇත්ත වශයෙන්ම මැයි 28 වන දින අලුයම මිය ගිය බවයි.

චීන කොමියුනිස්ට් පක්ෂය නිවේදනය දින ගණනක් අත්හිටුවා ඇති බවත්, අභ්‍යන්තර දේශපාලන උපාමාරු සම්පූර්ණ කිරීමෙන් පසුව පමණක් ප්‍රවෘත්ති නිකුත් කළ බවත්ය.

මරණය සිදු වූ නිල දිනය වෙනස් කර ඇති අතර, එය ගැඹුරු දේශපාලන ඇඟවුමක්.

ෂු කිලියැංගේ මරණය, ෂී ජින්පින්ගේ නායකත්වය යටතේ චීන කොමියුනිස්ට් පක්ෂය තුළ ඇති ගැඹුරු කැලඹීමක් පිළිබිඹු කරනු ඇති.

බලය තහවුරු කර ගැනීම අරමුණු කරගත් පුළුල් පවිත්‍ර කිරීම්, ඉහළ නිලධාරීන් අතර භීතියක් ඇති කර ඇති අතර, අභ්‍යන්තර සහජීවනය අස්ථාවර කරනවා.

කලක් විශ්වාසවන්ත හමුදා උපායමාර්ගිකයෙකු වූ ෂු, දේශපාලන උපාමාරුවල ගොදුරක් බවට පත් වූ අතර, ඔහුගේ අභාවයට පෙර දැවැන්ත මානසික ආතතියකින් පසු වූ බවට වාර්තා පළ වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14