වසර 12කට පසු ඔස්කාර් හා එමි සම්මානලාභී හොලිවුඩ් තරුවක් දිවයිනට

ඔස්කාර් සහ එමි සම්මානවලින් පිදුම් ලත්, සුප්‍රකට හොලිවුඩ් නළුවෙකු වූ බ්‍රිතාන්‍ය ජාතික ජෙරමි අයන්ස් (Jeremy Irons) මෙරට රූ ගත කෙරෙන චිත්‍රපටයකට රඟපෑමෙන් දායක වීම සඳහා ඊයේ (17) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

ගුවන්තොටුපොළ අප වාර්තාකරු පැවසුවේ, වසර 12කට පසුව, හොලිවුඩ් නළුවෙකු මෙරටට පැමිණීම සිදු වී ඇති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රකාශකවරයෙකු සඳහන් කළ බවයි.

ශ්‍රී ලාංකික සිනමා අධ්‍යක්ෂවරයෙකු වන චන්ද්‍රන් රත්නම් විසින් නිර්මාණය කෙරෙන “කේජ් බර්ඩ් ” (Cadge Bird) චිත්‍රපටයෙහි රංගනයට ජෙරමි අයන්ස් පැමිණ තිබෙනවා.

මෙවැනි ජාත්‍යන්තර වශයෙන් සුප්‍රකට සම්මානලාභී නළුවන් යොදා, නිෂ්පාදනය කෙරෙන සිනමා පට හේතුවෙන් මෙවැනි නළුවන්ගේ සිනමා ලෝලීන්, ශ්‍රී ලංකාව, සිනමා සංචාරක ගමනාන්තයක් ලෙස තෝරා ගැනීම ප්‍රවර්ධනය කිරීම, මෙම සිනමා නිර්මාණවල ප්‍රධානතම අරමුණක් වනු ඇති.

ජෙරමි අයන්ස් ඊයේ රාත්‍රී 11.00ට ඉන්දියාවේ මුම්බායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 144 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

ඔහුව පිළිගැනීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හරේන්ද්‍රා විජේවර්ධන සහ ජාත්‍යන්තර සිනමාකරණ සහ ප්‍රවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂ චමින්ද මුණසිංහ ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21